මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Tuesday 23 July 2013

කවුද බොලේ ශ්‍යාම් ???? 3

පාත්  ති (3 කොටස)

   ඔන්න තුනටත් ආවා කියන්නකෝ........ ඒ අතරේ එක බලපු නැති අය ඉන්නවනම් (සිතුම් මල්ලියා වගේමෙන්න මෙතනින් එක බලන්න පුළුවන්. 
    දෙක බලපු නැති අයට මෙන්න මෙතනින් දෙක බලන්න පුළුවන්. දැන් ඔන්න තුනට ,

      චේල්ලා, නිශාන්ත සහ ශ්‍යාම් මේ තුන්දෙනා ගේ සාකච්චාව ඔන්න මෙහෙම යනවලු 

චේල්වම්: හරි උබ කියන කතාව ඇත්තනම් මෙන්න මගේ අත්සන ගහල පෙන්නපන් 
     චේල්ලා අත්සන් කරන ලද සුදු කොලයක් සමග පැන ශ්‍යාම්ට දෙයි. ශ්‍යාම් දෙවරක් පමණ උත්සහ කොට ඊලග සැරේ චෙල්ලටත් වඩා හොදින් ඔහුගේ අත්සන ගසයි.

නිශාන්ත: මම කිව්වේ සර් කොල්ල නියම වැඩ කාරයා. දැන් සර් මොකද කියන්නේ 

චේ: හරි උබ මට විස්තරේ කිව්වට පස්සේ කතාව ඇත්තනම්  කරන්න ඕන දේ මම ප්ලැන් කරගෙනමයි ආවේ...... මට කියපල්ලකෝ දැනට උබල ගාව තියෙන හොර සීල් මොනවද කියලා.......

නි:දෙක තුනයි සර් ලංකාවේ එයාර් පොර්ට් එකෙන් ගහන පිටත් වුනා කියන සීල් ඒකයි මෙහෙන් ගහන ඇතුල් උනා කියන එකයි ලංකාවේ මැලේසියන් එම්බසි එකේ ගහන මස 3කට විසා approve කියන සීල් එකයි ........ 

ශ්‍යාම්: ඇයි අයියේ මෙහෙ එනකොට ගහන දවස් 30 විසිට් වීසා සිල් එක 

නි: ආ ඔව් .... මම මේ මතක් කර කර හිටියේ අනිත් එක මොකද්ද කියලා ඔක්කොම 4යි 

චේ: හරි හෙට උදේම ඔය සීල් හතර කොලේක ගහලා මට ගෙනත් දීපන් .... අපිට පුළුවන් සෙට් වෙලා රජ ගේමක් දෙන්න එකට අපි උදව් ගන්න ඕනා මෙහෙ එයාර්පෝර්ට් එකේ ඉමිග්රේෂන් එකෙනුත්..... එකට ඕන පුද්ගලයට විස්තරය කියලා මම එයත් එක්කම එන්නම් ලගදීම දවසක ආයි කතා කරන්න 

  මෙසේ විසිර යන තුන් කට්ටුව නුදුරු දිනකම අලුත් අමුත්තකු සමග ගඟබඩ නිස්කලංක තැනක නැවත මුණ ගැසේ..... මේ එදා...... 

  පලමුවෙන්ම චේල්වම් නව අමුත්තාව එයාර්පෝර්ට් එකේ වැඩ කරන ඉමිග්රේෂන් ඔෆිසර් කෙනෙක් හැටියට හදුන්වා දේ.... එක තමයි චෙල්වා කල ලොකුම මෝඩ කම...... ඒ විස්තර පසුවට ........    ඉන්පසු කතාව මෙසේය 

චේල්වම්: මුලින්ම ඔයාලගේ සීල් ආයි අලුතෙන් කපන්න ඕනා මොකද ඒවායේ පොඩි පොඩි අඩු පාඩු තියෙනවා අපි කරන දේ කාටවත් හොයන්න බැරි වෙන්නම කරන්න ඕනා...... ඔයාලට එක කරන්න පුලුවන්ද

ශ්‍යාම්:සීල් නම් මට අලුතෙන් කැප්පුවැකි සර් දැන් අපි මොකද්ද කරන්න යන්නේ 

චේ:මෙන්න මේකයි වැඩේ දැන් අපි ලගට එනවනේ ඔය විසිටර්ස්ලා හැටියට ඇවිත් ප්ලාන්ටේෂන්  විසා, ජෙනරල් විසා වගේ ඒවා හදන්න කට්ටිය එයාලා ඕන වෙලාවක බැලුවොත් මෙහෙ මස ගණනාවක් overstay. එක නිත්‍යානුකුලව clear කරන්න ගියොත් රිංගිට් දෙතුන් දාහක් යනවා ඒ වෙනුවට අපි එයාලට දෙනවා option එකක්. එක තමයි මෙන්න මේ අපි කරන්න යන වැඩේ 

    නිශාන්තගේ කටට මැස්සෙක් යයි (කට ඇරගෙන කතාව අහන ඉන්න නිසා) චේල්වම් විස්තරය දිගහරි 



දැන් ඔය එන කෙනෙක් අපි හිතමු එන්නේ මාර්තු පලවෙනිදා කියලා එතකොට එයාලට දින 30කට staying වීසා එකක් හම්බ වෙනවා එයාර්පෝර්ට් එකෙන්.... ඒ කියන්නේ මාර්තු 30 වෙනකම්... ඊට පස්සේ මේ මිනිහා overstay වෙනවා මස 3ක්. එතකොට තමයි ඔය මිනිස්සු අපි ලගට එන්නේ විසා හදන්න. ඒ කියන්නේ ජුලි මුල විතර...... එතකොට අපිට, මෙයාට approval එකක් .. මම කියන්නේ calling letter එක ගන්න තව මාසයක් දෙකක් විතර යනවා. දැන් ඔක්කොම මාස 5ක් overstay. ඔය මාස පහ ක්ලියර් කරන්න අඩුම තරමේ දාහක් වත් යනවා 


    ඔන්න දැන් තමයි අපේ වැඩේ පටන් ගන්නේ අපි අර මිනිහගේ පොතට මුලින්ම ගහනවා මාර්තු 25 විතර රටින් පිටවුනා කියන මැලේසියන් හොර සීල් එක.........
    ඊලගට ලංකාවට එදාම ඇතුළු උනා කියන එකෙත් හොර සීල් එක.   දැන් අපි හිතමු අපේ calling එක issue වෙලා තියෙන්නේ අගෝස්තු මාසේ 20 විතර එතකොට calling අයිතිකාරයා ලංකාවෙන් එන්න ඕනා ඒ මාසේ අන්තිම විතර.
එතකොට අපිට අයේම ගහන්න ඕන ලංකාවෙ මැලේසිය එම්බසි එකෙන් ගහන විසිට් වීසා පාස් එකත් හොරට එතනදී තමයි ශයම්ගේ වැඩේ තියෙන්නේ .... ඒ පාස් එකේ ඔයා හරියට අත්සන් කරන්න ඕන ලංකාවේ මැලේ එම්බසියේ වීසා නිකුත් කරන ඔෆිස්ර්ගේ අත්සනම ..........


 අන්තිම එක තමයි හොරට ගහන, සැප්තැම්බර් මුල විතර ලංකාවෙන්  මෙයා පිටත් වුනා කියල ගහන එක.... එතනින් එහාට තියෙන ටික බලා ගන්නේ මේ අපේ ඔෆිසර් මහත්තය. ඔය ඔක්කොම සීල් ගහල අත්සන් ගහලා මහත්තයට පොත ගිහින් දුන්නම එයා ලංකාවෙන් පිටත් උන දිනේටම මැලේසියාවට ආවා කියල ගහන සිල් එකත් ගහල, අර දින 30ක් staying වීසා සීල් එකත් ගහලා, ඒවා නියම විදියට සිස්ටම් එකටත් එන්ටර් කරලා, පොත අපිට දෙනවා එතකොට පොතේ තියෙන්නේ මේ මනුස්සයා මාර්තුවල ඇවිල්ලා විසා ඉවර වෙන්න කලින් අපහු ගිහිල්ලා කෝලින් එක හම්බ උනාට පස්සේ සැප්තැම්බර් විතර මෙහෙට අපහු 2වන සැරයටත් ආවා වගේ .....

 නි: මගේ අම්මේ සර් මාව නිකන් තාම කැර කෙනව වගේ...... ඇත්තටම ඕක කරන්න පුලුවන්ද 

ඔෆිසර්: ඇත්තටම ඕක කරන්න පුළුවන්.... ඕක කරාට පස්සේ මැලේසියාවේදී ඔය පොත සියයට සීයක්ම නිත්ත්‍යනුකුලයි. එත් කවද හරි ලංකාවට යනකොට එයාලගේ සිස්ටම් එකේ තියෙන්නේ අර මනුස්සය මුලින්ම මෙහෙට ආපු දවස ගැන විතරයි. එතකොට අපි හොරට ගහපු සීල් ගැන ලංකාවේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 

 නි: ඉතින් එකට මොකද්ද කරන්න පුළුවන් 

ඔ: ක්‍රම 2ක් තියෙනවා එක තමයි අඩුම තරමේ ඕක කරලා අවූරුදු 2ක් වත් යනකම් ලංකාවට නොගිහින් ඉන්න එක මොකද සිස්ටම් එක අවූරුද්දක විතර කාලයක විස්තර විතරයි සාමාන්‍යයෙන් තියාගන්නේ... දෙක තමයි ඊට කලින් යන්න උනොත් ලංකාවේ එයාර්පෝර්ට් එකේ ඔෆිසර් කෙනෙක්ව කලින් සෙට් කරගෙන හිමිට එතනින් යන එක  

චේ: ක ඔයාල හොයල බලන්න ඕනා මොකද්ද කරන්න පුළුවන් කියලා

ශ: ඇයි ඕකට තව ක්‍රමයක් තියෙනවනේ සර් ..... මම කරපු වැඩේ... ඔය සිල් ගහලා අත්සන් ගහලා ඊට පස්සේ මෙහෙ වර්කින් වීසා එකත් ගැහැව්වාට පස්සේ පොත මම කරා වගේ වතුරේ දාලා, මෙහෙ එම්බසියට ගිහින් අලුත් පොතක් ගන්නවා ඊට පස්සේ අර කතන්දර මුකුත් නැ ඕන වෙලාවක ලංකාවට බැස්ස හැකියි.......

ඔ: ඒ වැඩෙත් හරියටම හරි තමයි....... ඉලන්දාරියා උබටනම් හොද අනාගතයක් තියෙනවා වගේ 

නි:දැන් අපි මේ වැඩේ පටන් ගන්නේ කවද්ද ? මේ වැඩේට අපි කියක් අය කරනවද ?

චේ: මම ඕක මේ ඔෆිසර් එක්ක කතා කරා අපිට මේ වැඩේ හරියට කරන්න ගත්තොත් දවසට පොත් 5ක් හයකට විතර සීල් ගහන්න වේයි...... ඔයාල මම අර කිව්ව විදියට මුල් සීල් ටික ගහලා පොත් දවස ගානේ මට දෙන්න මම ඒවා ඔෆිසට යවලා එන්ට්‍රි  එක දාලා දවසකින් දෙකකින් අයේ ඔයාලට දෙන්නම්.... එකට මට 100කුයි ඔෆිසර්ට 100කුයි දෙන්න. ඒ කියන්නේ අපි දෙන්නටම 200යි. ඔය දෙන්නත් 100 ගානේ 200ක් තියාගෙන ඔක්කොම 400ට කරමු .......

නි: ඔව් එහෙම හොදයි අපි එහෙනම් වැඩේ පටන් ගමු පුළුවන් තරම් ඉක්මනට. 

      ඉක්මනින් මේක පටන් ගන්න උවමනා ඊලග සැලසුම් හදාගෙන කට්ටිය එදා විසිරුනා...... නිශාන්තනම් යන්න කලින්ම තමන්ට ලැබෙන්න යන ලාබය ගැන ගන්න හැදුව මෙහෙම 
    දවසකට පොත් 5යි ඒ කියන්නේ RM 500යි සතියට දවස් 5ක් කරොත් 2500යි ඒ කියන්නේ මාසයට RM 10,000/-යි ලංකාවේ සල්ලි වලින්නම් ලක්ෂ තුනහමාරක් විතර..... නරක නෑ

  එත් ශ්‍යාම්ගේ ඔලුවේ දිව්වේ ලාබයට වඩා මේක වැඩිදියුණු කරන ක්‍රම ගැන ...එත් ඒ ක්‍රම ශ්‍යාම් කාටවත් කිව්වේ නෑ.....පහුවෙලා ක්‍රියාත්මකම කරා ... ඒවා ඉදිරියට .......

  එදා කතා කරගත්ත විදියට මේ ආරම්භ කල වැඩේ මැලේසියාවේ බොහොම ඉක්මනින්ම ජනප්‍රිය උනා පොතට යු ටර්න් ගහනවා කියන නමින්. මොකද මේ ක්‍රමයේදී වෙන්නේ අයිතිකාරයා මෙහෙම හිටියත් ආපහු ලංකාවට ගිහින් මෙහෙ ආවා වගේ පේන නිසා ......


මෙහෙම ඉදිරියට මෙම සිදුවීම් ගාලා ගියේ මෙසේය.....

   නිශාන්ත මැලේසියාව පුරා කරක් ගසමින් U ටර්න් ගහන්න මිනිස්සුන්ව හෙව්වා සමහර මාස වල පොත් 50ත් පැන්නුව කියලා තමයි ආරංචිය .... ඒත් මිනිහගේ අතේ ඕනවෙලාවක සතේ නැ.... ඒ හම්බ කරපු සල්ලි වටේ හිටිය නංගිලටයි අක්කලටයි වියදම් කරපු නිසා.....

චෙල්වම් පුරුදු පරිදි තමන්ගේම වීසා හදන අයට මේක හදුන්වල දීලා හොඳට  හම්බ කරා....

  නිශාන්ත හා චේල්වම් සිද්ද වුන සිදුවීම් නිසා මෙවැනි නිත්‍යානුකුල නොවන වැඩ වලට පෙලබුනත් ශ්‍යාම් උපතින්ම මෙවැනි වැඩවලටම ලොවට බිහිඋන කෙනෙක්..... 

    ඉතින් ශ්‍යාම් මොකද කරේ මුලින්ම හොඳ ගෙයක් කුලියට අරන් පදිංචි උනා.. වම, දකුණ අත් දෙක වගේ තමන්ට හිතවත් කොල්ලෝ දෙන්නෙක් ප්‍රමුක කොලු ටීම් එකකුත් හදා ගත්තා .... තව හොඳ කාර් එකකුත් ගත්ත කියන්නකෝ.... ඊලගට මේකෙම 2වන පියවර හැටියට කොල්ලා මේක මෙහෙම වැඩි දියුණු කරා 

   ලංකාවේ විතරක් නෙවි ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය වගේ රටවල ඉදල overstay වෙන අයටත් ඔය විදියටම ඒ ඒ රටවලට U ටර්න් ගහලා දුන්නා 

 ඔය අතරේදී ශයම්ගේ අර රත්තරන් බාප්පා කෙනෙක් එනවා මැලේසියාවට ....... මිනිහා මෙහෙ මේ U ටර්න් කතාව දැකල යෝජනා කරනවා තව අලුත් කතාවක් ......

     ඒ තමයි දැන් ඔය ලංකාවේ ඉන්නවනේ රට ගාය ඉස්මුදුනටම ගහපු එවුන් උන් ලස්ස නමයක් දහයක් දීලා කෙන්ජිගේ රටට හරි යුරෝපෙට හරි යන්නම තමයි දගලන්නේ ...... දැන් මේ බාප්පල පුතාලා සැට්වෙලා මේ වගේ ඔටුවෝ සෙට් එකක් බැස්සුවා මැලේසියාවට.. ඇත්තම කියනවනම් උන් දන්නෙත් නැ උන් මෙහෙ ආවේ මොකටද කියලා මාසයක් මෙහෙ ඉදල යන දවසේ උන්ගේ පාස්පෝර්ට් එක අතට දෙනවා ඒජන්ට්......  ඒවායේ තියෙනවා මෙන්න මෙහෙම 

  1. 2007 ජනවාරි 10 මැලේසියාවට ආවා
  2. ජනවාරි 15 මැලේසියාවෙන් ගියා ඉන්දුනීසියාවට 
  3. ජනවාරි 20 ඉන්දුනීසියාවෙන් පිලිපීනයට 
  4. ජනවාරි 25 පිලිපීනයෙන් තායිලන්තයට 
  5. ජනවාරි 30 තයිලන්තයෙන් සිංගප්පුරුවට
  6. පෙබරවාරි 5 සිංගප්පුරුවෙන් ආයි මැලේසියාවට 
  7. පෙබරවාරි 8 බත්කන හරක් ටික ආපහු ලංකාවට 
  ඊට පස්සේ ඒජන්ට් කියනවා දැන් උබල මෙහෙ ඉදන් ලංකාවට යනකම් අහන ඕන කෙනෙක්ට ඔය පොතේ තියෙන විදියට , පිළිවෙලට කියපල්ලා ඕක තමයි අපි මාසයක් තිස්සේ ගිය ඒසියා ටුවර් එක කියලා, ලංකාවට ගිහින් මස 2කින් මම උබලගේ පොතට ඕන යුරෝප් රටක වීසා එකක් අරන් දෙන්නම් මේ පොත පෙන්නලා...... ( එක එහෙම උනාද කියලා දන්නේ ඉතින් උන්ම තමයි)

ශ්‍යාම් කොලුවා කොහොම හරි මේ විදියෙනුත් සැහෙන ගානක් හම්බ කරා... ඔය එක ඔලුවකට රුපියල් 50,000ක් ගත්ත කියල තමයි ආරංචිය. කොල්ලො කොහොමත් 100ක් 200ක් විතර ඇවිත් තියෙනවා සැරින් සැරේ....

     "ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි මරුවා ලඟා වෙනවා ........
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොදම් කැරකෙනවා ....."

     ශ්‍යාම්ටත් ඉතින් ඔය දේම උනා..... ඒ විස්තරේ මේ කථාමාලාවේ අවසන් කොටස වන ඊලග පොස්ටුවෙන් ................

ප.ලි.
 බැනලා හරි කොමෙන්ටුවක් දාපල්ලා බන් .......
මගේ බ්ලෝග සින්ඩි වලට එල්ලුවට එල්ලිලා නෑ බන් දන්නා පිංවතෙක් ඒ සදහා උදව් කරන්නෝ.........


Tuesday 16 July 2013

කවුද බොලේ ශ්‍යාම් ????? 2

පාර්ට් ටු 


      ඔන්න කතාවේ 2 කොටසට එන්නයි යන්නේ.... මුලින්ම පළමු කොටස බලපු නැති අය මෙන්න මෙතනට කොටලා එක බලලා ඉන්න.

     කොහොම හරි අර කිව්ව විදියට නිශාන්තට කියලා පොත ගෙන්න ගත්ත ශ්‍යාම් බොස්ට කියලා වීසා එකත් ගහගෙන කාලයක් ඔතන ඔහොම හිටිය කියමුකෝ... 

    ඒ අතරේ නිශාන්ත තම ගැරේජ් රස්සාවත් එක්ක තව වැඩක් කරනවා ඒ තමයි ශ්‍යාම් එක්ක එකතු වෙලා ලංකාවේ එක එක ජාතියේ ජල්බරි දාගෙන ඉන්න අයට අලුතෙන් පාස්පෝර්ට් ගෙන්නලා ඒ දුශ්චරිත, සුචරිත කරන එක බලන්න නලින් අයියේ එක කොච්චර හොද වැඩක්ද කියලා අපේ ලංකාවේ අයට......

  නිශාන්තටත් ඕන මොකක් හරි මරාලයක් කරලා සල්ලි හොයන්න නිසා ඇත්තටම මේ ශ්‍යාම් කව්ද ලංකාවේ මොනවද කරේ කියලා එයා කියපුව ඇරෙන්න වෙන මුකුත් දන්නේ නැ....

  ශ්‍යාම්ගේ පැත්තෙනුත් ඔහොමම තමයි නිශාන්ත එයා ගැන කිව්වා ටිකට වඩා වෙන මුකුත් දන්නේ නැ......


 ඔහොම ටික කාලයකට පස්සේ එක දවසක ගිනිදවාලේ ශ්‍යාම් කඩාපනිනවා නිශාන්තලගේ ගරාජ් එකට මෙන්න මෙහෙම කියාගෙන 

ශ්‍යාම්: නිශාන්ත අයියේ........... අනේ මගේ බුදු දෙයියනේ මාව බේරගනින් අපේ බොසා මාව මරන්න හොයනවා.....


නිශාන්ත අන්දමන්ද වී ශය්ම් දෙස බලයි ........

නිශාන්ත: හැ.................. උබයි බොසයි අමුඩෙයි පුකයි වගේ නේද හිටියේ......... කොහොමද එකපාරට දියලනුව කැපුනේ අමුඩේ ගැලවෙන්න ??? 

ශ: අනේ මම දන්නා අමුඩයක් නැ හැබැයි බොස්ට අහුඋනොත් මගේ පුක විතරක් නෙවි මවත් දෙකට පලයි ඕකා...... අනේ අල්ලා දෙවියනේ මව බේර ගන්නලා........ (මුට මෙච්චර කාලයකට නැතිව උගේ දෙවියන්වත් මතක් වෙයි )

නි: ආ...... උබට දෙවියොත් මතක් වෙලා තියෙන්නේ ඇත්තටම එහෙනම් ලෙඩක් තමයි ... කියපන්කො දැන් මොකද්ද කරන්න ඕන කියලා

ශ: මාව ඉක්මනට හන්ගපන් අරුට හොයාගන්න බැරි තැනක ...... ඉතුරු ටික පස්සේ කතා කරමු...... දැන් ඉක්මන් කරපන් අයියේ.....

නි: හරි දැනට හන්ගන්නනම් ඕන, උබ ඔය ටැක්සි එකකක නැගලා මගේ පස්සෙන් වරෙන් කියමින් නිශාන්ත තම මොටසයිකලෙන්ගමන ආරම්භ කරයි 
  
නිශාන්ත හදුනන ගැනු ලමයි කීප දෙනෙක් සිටින නිවසක එක කාමරයක ලැගුම් ගන්න සැලැස්වූ ශ්‍යාම් ගෙන් දැන් නිශාන්ත වෙච්චදේ අහගන්න බලා සිටියි 

නි: හරි දැන්  කියපන්කො විස්තරේ මොකද උනේ කියලා....... මොකද උබේ බොසා උබව මරන්න හොයන්නේ ?? මොකද්ද උබ උට කරපු අලුගේත්තේරු වැඩේ ?

ශ: පිස්සුද අයිය මම උට කරපු දෙයක් නෑ මේ පොඩි මිස් අන්ඩස්ටැන්ඩීන් එකක් .......

 ලෝකේ කාලා වතුර බීපු පොරවල්ගෙන් එකෙක් වන නිශාන්ත මු කතාව කියන විදියෙන්ම තේරුනා  බොරුවක් කියලා

නි: යකෝ දොස්තරටයි ලොයර්ටයි බොරු කියන්න එපා කියල තියෙනවනේ... දැන් උබට ඉන්න ඒ දෙන්නම මම තමයි ඒ නිසා ඇත්ත කතාව කියපන් මම උබව මෙතනිනුත් එලියට දාන්න කලින් ......

ශ: හරි .. හරි... අයියා ඔයා මට කවදත් උදව් කරපු මිනිහනේ මම ඔයාට ඇත්තම කියන්නම්........ ඔයාට මම කලින් කිව්වනේ මට ලංකාවෙන් එන්න උන කෙස් එක ....... 

නි: ඔව් අර උබලගේ නෑයෝ කරපු කච්චේරිය පොලොසියෙන් අල්ලපු කේස් එකනේ 

ශ:ඔව් එක තමයි ඒ උනාට ඒ කෙස් එකේදී අපේ බාප්පල මාව ඉක්මනට රටෙන් පිට කරේ තව ලොකු හේතුවක් ඇතුව 


නි:ඇ....... ඒ මොකද්ද ඒ???

ශ:ඔය බාප්පලා කරගෙන ගිය හොර කච්චේරියේ ලොකුම වැඩේ කරේ මම 


නි: තේරෙන්න කියපන්කො යකෝ ....

ශ: කියනකන් ඉන්නවකෝ පොඩ්ඩක් බාප්පල සීල් හැදුවට letter head අච්චු ගැහුවට, ඒවායේ ඒ ලොකු මිනිස්සුන්ගේ අත්සන ගැහැව්වේ මම.... 
කොටින්ම කියනවනම් ඒ මුළු ව්‍යාපාරේම දිව්වේ මන් නිසා .... මට තියෙනවා උපන්ගෙයි හැකියාවක් ඕනෑම කෙනෙක්ගේ අත්සන සැරෙන් දෙසරෙන් ඒ විදියටම ගහන්න පුළුවන් 
            මේකතාව කට අරගෙන අහන හිටපු නිශාන්තගේ ටිකිරි මොලේට ආවේ මෙන්න මෙහෙම අදහසක්


නි: අප්පටසිරි එහෙමද ? යකෝ උබ මාරු කොල්ලෙක් නේ බන් ඇයි උබ මෙච්චර දවසක් ඕක මට කිව්වේ නැත්තේ ඔය හැකියාවෙන් අපිට උනත් කොච්චර වැඩ ගන්න පුලුවන්ද බුදු පුතේ 

ශ: මොන වැඩේ කරන්නත් දැන් අපේ බොස්ගෙන් බේරිලා ඉන්න එපැයි


නි: දැන් කියපන් කෝ මේ හොර අත්සන් ගැහිල්ලෙයි බොස් උබව මරන්න හොයන එකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද කියලා 

ශ:එක උනේ මෙහෙමනේ........ දැන් අපිට පරණ බඩු ගෙන එවුන් ඉන්නවනේ උන් ඔක්කොම බොසාව දන්න කට්ටිය. කලෙක ඉදන් උන් බඩු ගෙනාවම ප්‍රමාණය දාලා ගාණ හදලා උන්ගෙන් අත්සනක් අරන් තමයි අපි සල්ලි දෙන්නේ ........


නි:ආ ආ  අත්සනක් ගන්නවා කිව්වම මට පොඩ්ඩක් මීටරේ වැඩ කරනවා  වගේ .... කමක් නැ උබම කියපන්කො  බලන්න.

ශ:ඔයාට මීටර් උන දේ තමයි උනේ මම ඉතින් කොච්චර හොදට වැඩ කරත් බෝසා මට කියද අප්පා ගෙව්වේ ... මම ඉතින් අරුන් අත්සන් කරලා යන කොලය දවස් 2ක 3කින් ඉරලා විසික් කරලා උට වැඩියෙන් ගානක් ගෙව්වා විදියට අලුත් කොලයක් හදලා, උගේ අත්සන මම ගහලා වැඩිපුර ගාන මම සාක්කුවේ දාගන්නවා...... වැඩේ කියන්නේ කාටවත් නොකියා මම කරගෙන අපු වැඩේ අපේ බොසා දැනගෙනනේ ....... හොද වෙලාවට මු මම මෙතන ගේමක් දීලා කියල දැනගත්තු ගමන් මාත් එක්ක ඉන්න අනික් එකාට කෝල් කරලා කියලා මාව කාමරයට දාලා ලොක් කරන්න කියලා


නි: නෑ....... ඉතින් 

ශ:මුන් කාමරයට දාලා ලොක් කරපුවම මම කට්ටියගෙන් මොකද මේ කියල දැනගත්තම වහලේ ටකරමක් උඩට උස්සලා කට්ටියට හොරෙන් පිටිපස්ස පැත්තෙන් ඔයාලගේ දිහා ආවා....

නිශාන්ත කල්පනාවට වැටෙයි .... ලාංකික හදවත උනුවෙයි අනෙක් අතට මේ වගේ සම්පතක් ත හරින්නේ කොහොමද කියත් සිතෙයි ........ අනතුරුව ඊලග පියවර ක්‍රියාත්මක කරයි ......


නි:හරි උබ දැන් මේ කාමරයට වෙලා ඉදපන් අර එළියේ ඉන්න අක්කලට මම කියන්නම් උබටත් කෑම ටිකක් කාමරයටම එවන්න කියලා. මම උබලගේ ඉසිබුරෝ එක පැත්තේ ගිහින් බලන්නම් මොකද එතන වෙන්නේ කියලා....

ශ: අනේ නිශාන්ත අයියා කරනදෙයක් පරිස්සමින් දන්නවනේ අපේ ලොක්කගේ හැටි .......

නිශාන්ත නම් නළුවා ඊළගට ඉසිබුරෝවට පැමිණෙයි. බොසා යකාවී ලගපාත ඉන්න සියලු දෙනාටම බනින සද්දය ඇතටම ඇසෙයි...... සුප්පුව නැති උන බාබා වගේ නිශාන්ත එතනට පැමිණෙයි......

(ඔවුන් අතර සිදුවූ දෙමළ සාකච්චාවේ සිංහල පරිවර්තනය පහත පරිදිය)   

නිශාන්ත: ආ සර් මම මේ යකඩ පට්ටන් කැල්ලක් ගන්න කියල කෝ මේ ශ්‍යාම් 

බොස්: ශ්‍යාම් මතක් කරන්න එපා ඕකව ....... උබ උගේ යාළුවා උබ දන්නවා උ කොහෙද කියලා කියපන් මට නැත්නම් උබටත් අද මෙතනින් යන්න වෙන්නේ නැ

නිශාන්ත බාබා දැන් තොත්ත බාබාගේ මුණ දාගනි 


නි:ආ ... මොකද්ද සර් ඒ කතාව....... ඇයි ශ්‍යාම් අද උදෙත් අපේ ගරාජ් එකට ඇවිත් මගෙන් රිංගිට් 2000කුත් ඉල්ලන් ගියානේ හවසට බොස් ආවාම දෙන්නම් කියලා දැන් මොකද උට වෙලා තියෙන්නේ.... 

බො:ආ...... එහෙනම් උබත් දැන් ඒ හොරාට අහුවෙලා උ මගේ සල්ලි රිංගිට් 10,000ක් විතර මෙතනින් හොරකම් කරලා,..... බඩු අරගෙන මෙතන මිනිස්සුන්ට ගෙවපු විදියට පෙන්නලා.... එත් බඩු නෑ.... මිනිස්සුන්ට සල්ලි ගෙවලා විතරයි..... දැන් මට හොයාගන්න ඕනා මුත් එක්ක එකතු වෙලා ඉන්න මට බඩු ගෙන මිනිස්සු කව්ද කියලා......

නි: අයියෝ සර් මගේ 2000ට මොකද වෙන්නේ 

බො:උබට මම 2000ට 3000ක්ම දෙන්නම් ඕකා ඉන්න තැනක් හොයලා දුන්නොත් 

නි:හරි මට දවස් 2ක් දෙන්න සර් මම හොයල දෙන්නම් හැබැයි පොරොන්දු වෙච්ච ගාණ මට ඕනා

බො: උබ දන්නවනේ මම කිව්වොත් කිව්වා...... වරෙන්කො උබ ඇතුලට අපි වාඩි වෙලා කතා කරන්න.....
         මට ඇත්තටම තියෙන ප්‍රශ්නේ කොහොමද මු මේ හොරකම කරේ කියන එකයි නැති උන 10,000නම් ප්‍රශ්නයක් නෑ... මොකද සල්ලි ගෙවල බඩු ගත්ත එවුන් ගානට අත්සන් කොරලා තියෙනවා එත් ඒ  බඩු මෙතන නැ..... මෙතන අනික් අයට හොරෙන් ඒ බඩු මුට විකුනන්න විදියකුත් නෑ... මට සල්ලි නැතත් කමක් නැ උබ පුලුවන්නම් උව හොයාගේන වරෙන් මට උගෙන් දැන ගන්න මොකද්ද උ දීපු ගේම් එක කියල මෙතන 

        බොසාගේ කේන්තිය නිවෙනකම් දින කීපයක් බලා සිටි නිශාන්ත හිමිහිට බොස්ව තමන්ට ඕන විදියට නවා ගනී ..... එනම් ශ්‍යාම් මෙතන හොර වැඩේ කරපු විදිය හෙළිකිරීමෙන් පසු ඔහු සොරකම් කලැයි බෝසා සිතා සිටින rm10,000ක මුදල ලබාදී ඔහුට යන අතක යන්න ඉඩ හැරීම
( ඇත්තටම ශ්‍යාම් කියන විදියට පොර බොසාගේ 40,000කට විතර වැඩේ දීල තියෙනවා)

  මේ කාරණා මේ විදියට සිද්ද උනයි කියමුකෝ....... ඔන්න දැන් ශ්‍යාම් අයෙත් නිදහස් මිනිහෙක් 

    දැන් ඊළගට නිශාන්ත හා ශ්‍යාම් කල්පනා කරනවා එදා වේල හොයාගන්න මොකද්ද අපි පටන් ගන්න ඕන රස්සාව කියලා....... ඔන්න ඔතනදි මෙයාලට පිහිටට එනවා චේල්වම්.  ඔන්න චෙල්ලට ශ්‍යාම්ගේ මෙතෙක් කරපු වැඩ සහ මේ අත්සන් ගැසීමේ හැකියාව කිව්වම චේල්ලා ගේනවා මෙහෙම යෝජනාවක්........

මොකද්ද මේ චෙල්ලගේ යෝජනාව ??????????

මතු සම්බන්දයි 

චෙල්වම් ගැන දන්නේ නැති අය මෙන්න මෙතනින්  එකත් බලලම ඉන්න 

      මේ පොස්ට් එක දිග වැඩි වෙන නිසා දැනට මෙතනින් නවත්තමි  කලින් කිව විදියට ඊලග කොටසින් 


  • මාසයකට මැලේසියා ඇවිත් යන අපේ සමහරුන්ගේ පොත්වල ඒ මාසය අතුලත තව රටවල් 3න හතරකට ගිහින් ආපු විසා තිබුනේ කොහොමද කියලත් 
  • පාරේ ගහන U ටර්න් වලට අමතරව පාස්පෝර්ට් එකේ ගහන U ටර්න් මොනවද කියලත් ඔයාලට දැන ගන්න පුළුවන්.......



  • Wednesday 10 July 2013

    කවුද බොලේ ශ්‍යාම් ?????????

     පළමු කොටස        


         වර්ෂ 2002 එක දවසක ලංකාවේ පත්තර වල අපුරු පුවතක් පල වුනා..... ඒ තමයි කන්ද උඩරට පළාතේ පවත්වාගෙන ගිය හොර කච්චේරියක්  පොලෝසියෙන් වටලපු එක....... 

            ඔතනින් හොයා ගත්තා ලංකාව වටේම විදුහල්පතිවරුන්, දිසාපතිවරුන් , පොලෝසියේ ලොක්කන්, මැති ඇමති වරුන්ගේ හොරට හදපු letterhead සහ සීල්..... කොටින්ම වැටලීමට අණ දුන්න පොලිස් ලොක්කගේ සීල් එකත් තිබුනා කියල තමයි ආරංචිය 


           මේ සිද්දියට පහුවෙනිදා ලංකාවේ ඉදන් සින්ගප්පුරුවට එන ගුවන් යානයක එනවා එකතරා බාප්පෙක් සහ පුතෙක්, පුතාට වයස අවු 19ක් විතර නම ශ්‍යාම්........

          සිංගප්පුරුවට ආ මේ ජෝඩ්ඩ ඊට සති 2ක 3නකට පස්සේ එනවා මැලේසියාවට...... මැලේසියාවේදී මේ බාප්පා තම අයියගේ පුතා වන ශ්‍යාම්ව මෙහෙ බෝතල් පත්තර ව්‍යාපාරයක් (මෙහෙ බාසාවෙන් එවැනි තැන් වලට කියන්නේ "ඉසිබුරෝ" කියලා) කරන තැනක වැඩට දාලා ආපහු ලංකාවට යනවා.... 

        මෙහෙම දැහැමෙන් සෙමින් වැඩ පටන් ගත්ත ශ්‍යාම් කොලුවා පුරුදු පරිදි ලංකාවේ ගතිය පෙන්නමින් මාස කිහිපයක් ඇවෑමෙන් මෙතන හිටපු අනික් සේවකයෝ ඔක්කොම පරද්දලා ලොක්කගේ හිත දිනාගෙන අංක එක උනා,

        ඔන්න ඔය අතරේ මේ පරණ යකඩ බඩු කඩේට එනවා පරණ කැලි හොයාගෙන සමහර ලංකාවේ පොරවලුත් ..... ඒ ආපු එක්කෙනෙක් තමයි ගරාජ් එකක වැඩ කරපු නිශාන්ත. (පොර මෙන්න මේකෙත්  හිටිය එකා)  දවසක් මේ නිශාන්ත හා ශ්‍යාම් ළමයා කතාවකට සැට් වෙනවා මෙන්න මෙහෙම,

    නිශාන්ත: මල්ලි මෙතනට ඇවිල්ලා ටික කාලෙන්ම ඇක්ටින් බොසා උනානේ කොහොම හරි නේද 

    ශ්‍යාම්: ඔව් අයියා අපේ බොසාට දැන් මට වඩා කෙනෙක් නැ...... අයිය මෙහෙ ගොඩක් කල්ද ?  

    නි: අපොයි දැන් අවරුදු 5කට වැඩියි ..... 

    ශ: එහෙනම් මෙහෙ ගැන ගොඩක් දේවල් දන්නවා ඇති නේද ?

    නි: ඔව් ඇයි මල්ලිට මොනවද දැන ගන්න ඕනා

    ශ: මේකයි අයියා මගේ පාස්පෝර්ට් එක නැති උනා, මට වීසාත් නැ, එත් අපේ බොසා කැමතියි මට වීසා එකක් හදලා දෙන්න ඒ නිසා ලංකාවේ ඉන්න අපේ බාප්පා මට අලුත් පොතක් හදවලා තියෙනවා එක මට මෙහෙට ගෙන්න ගන්න ඕනා...... එකට ක්‍රමයක් තියෙනවද?

    නි: ඇයි ඔයා අලුතෙන් පොතක් ලංකාවෙන් ගෙන්නන්නේ මෙහෙ එම්බසි එකෙන් හැදුවකිනේ

    : මට විසා නැනේ අයියේ ඒ නිසයි මම ලංකාවෙන්ම හදලා පොතක් ගෙන්න ගන්න හදන්නේ 

    නි: වීසා නැති උනාට කමක් නැ ඔයා බොස්ට කියන්න මුලින්ම ඔයාගේ නමට approval එක ගන්න කියලා ඊට පස්සේ ඒ approval එකේ copy එකකුයි නැති වෙච්ච පාස්පෝර්ට් එකේ copy එකකුයි අරන් එම්බසියට ගියානම් අලුත් පොතක් හදවල ගෙන්න ගන්න පුළුවන් ...... අනික ඔය පොත ලංකාවෙන් ගෙන්න ගත්තට වැඩක් නැ එකේ ඔය මෙහෙට ආපු විස්තර මුකුත් නැති හිස් පොතක් නේ එන්නේ එක මෙහෙට වැලීඩ් නැ....

    : ඔය කථාව මම දන්නවා.... (කොල්ලා පොඩ්ඩක් ඇබරිලා එහෙම වට පිට බලලා)..... මම අයියට ඇත්තම කියන්නම්කො මට ලංකාවේ පොඩි කෙස් එකක් තියෙනවා ඒ නිසා මට පරණ පොත වෙනුවට නම පොඩ්ඩක් එහා මෙහා කරලා අලුත් පොතක් අලුත් නොම්මරයක් එක්ක ගෙන්න ගන්නයි ඕනා ..... අර මෙහෙට ආපු විස්තර හදන විදියත් මම ලැහැස්ති කරගෙන යනවා ඒවා මම ඔයාට පස්සේ කියන්නම්කො ..... මට පොත ගේන විදියක් කියනවද?




    නි: මට පොත ගෙනත් දෙන්න පුළුවන් මලයෝ එත් ඔයාගේ කේස් එක මොකද්ද ?, ඔයා කොහොමද අර මෙහෙට ආපු විස්තර හදාගන්නේ කියල කිව්වොත්තමයි ඔයාගේ වැඩේ කරන්න මම බර ගන්නේ ......
      
    : ඔයාට මම විස්තරේ කියන්නම් හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා..... දැනට ටික කාලයකට කලින් ලංකාවේ හොර කච්චේරියක් පොලිසියෙන් ඇල්ලුවා එක කරේ අපේ ලගම නෑදෑයෝ...... ඒ කිව්වේ අපේ බාප්පල මහප්පලා කට්ටිය ..... ඉතින් තාම නඩුව යනවා මමත් නෑයෝ නිසා නිකන්ම එක විත්තිකාරයෙක් වෙලා ඉන්නේ (එයා නිකන්ම කිව්වට ඇත්තටම නිකන්ම නෙවි...... ඒ හරිය ඉස්සරහට .. ) එක නිසා මට අව්රුදු ගානකට ලංකාවට යන්න බැරිවෙයි එකයි කේස් එක.

    නි: ආ.... එකද මාත් එක දන්නවා මෙහෙට ලගදී ආපු කෙනෙක් ඔය කතාව කිව්වා මට ... එතකොට කොහොමද අර විස්තර ටික හදාගන්නේ 

    : එකට මට උපදෙස් දුන්නෙත් අපේ බාප්පා කෙනෙක්ම තමයි  එක කරන්නේ මෙහෙමයි දැන් ඔය පොත ලංකාවෙන් හදපු ගමන් මැලේසියන් එම්බසී එකට දාලා මෙහෙට එන්න විසා එක ගස්සගන්නවා.
     පොත ලංකාවෙන් ආවට පස්සේ මෙහෙ ඉන්නවා මම අදුරන රබර් සීල්කපන පොරක් ඌව අල්ලගෙන ලංකාවේ ඉමිග්රේෂන් එකෙන් ගහන පිටත්වීමේ සීල් එකයි මෙහෙ ඉමිග්රේෂන් එකෙන් ගහන ඇතුල් වීමේ සීල් එකයි පොතට ගහනවා.



     ඒ එක්කම දවස් 30ක විසිට් විසා එකේ සීල් එකත්
    ........ 


    නි: හැ... ඊට පස්සේ 

    ශ: ඊට පස්සේ අර ඔයා කිව්වා විදියට approval එක ගන්නවා..... 

    ඔන්න දැන් මැද්දට පනිනවා නිශාන්ත 

    නි: අන්න උබ වැරැද්ද ගත්ත තැන ඊට පස්සේ ඔරිජිනල් විසා එක ගහන්න ඉමිග්රේෂන් එකට දීපු ගමන් ඔය ගහලා තියෙන ලංකාවේ සීල් එක කෙසේ වෙතත් මෙහෙ සීල් දෙක හොර ඒවා කියල අත උඩින්ම අහු වෙනවනේ ......

    ශ: හි.. හි.. හි... කෝ ඔයා මට කතාව ඉවර කරන්න දුන්නේ නැනේ .... කව්ද ඔය පොත මෙහෙ ඉමිග්රේෂන් එකට දෙන්නේ...  approval එක ආපු ගමන් මම පොත හොදට හෝදලා එහෙම අරගෙන යනවා අපේ එම්බසි එකට .... ගිහින් එතන ඉන්න මහත්හොරුන්ට වැරදුනා මහත්තුරුන්ට කියනවා 
         "අයියෝ සර් මම මෙහෙ වැඩට ආවේ ලගදී මේ තියෙන්නේ වැඩ කරන්න හම්බුන විසා approval එක .... අද පාස්පෝර්ට් එක ඉමිග්රේෂන් එකට බර දෙන්න යන්න හදන කොට වැටුනා නේද වතුර බේසමට ...... අනේ මට මේකට අලුත් පොතක් හදලා දෙන්න මගේ දෙයියනේ ......."  කියලා


    නි: අනේ අම්මේ මදැ........ දැන්නම් මීටර් අපේ එම්බසියේ ඉන්න අප්පුහාමිලට ඔය වතුරට බොද වෙලා තියෙන සීල් හොයන්න බෑ ඔරිජිනල්මද කියලා ඒ නිසා ඔයාගේ කතාව පිළිඅරගෙන ඒ පොතේ විස්තර වලට අලුත් පොතක්, එක අපු ගමන් ඉමිග්රේෂන් එකට එතනත් ප්‍රශ්නයක් නැ මැලේසියාවෙන් ඉෂු කරපු අලුත් පොතක්......

    ශ: ආ ආ ආ ඔය තේරුනේ අයියට නිකන් හරකට වගේ ..... දැන් මොකද කියන්නේ මගේ පොත ගෙනත් දෙනවද ?

    නි:මොනවද මේ කතා ඔයා බය නැතුව ලංකාවේ පොත රෙඩි කරලා මට කියන්න සතියෙන් දෙකෙන් බඩු මෙහෙ තියෙයි 

      ඔන්න ඔය විදියට මැලේසියාවේදී පාස්පෝර්ට් වලට හොර සීල් ගහලා වැඩ ගැනීමේ අලුත්ම කලාවක අඩිතාලම වැටුනා කියන්නකෝ...

       මෙහෙම යහළුවෝ වෙච්ච ශ්‍යාම් හා නිශාන්ත තමන්ගේ මේ සේවාව වැඩි දියුණු කරලා සංවර්දනය කරලා විසා නැතුව පසුතැවෙන හුදී ලාංකික ජනයාට පිහිට උන හැටි ලබන පොස්ටුවෙන් 

    ඒවගේම ලබන පොස්ටුවෙන් .........

    •  තමන්ගේ හොදම සේවකයාව මරන්න හොයන බොස් ගැනත්.........
    • මාසයකට මැලේසියා ඇවිත් යන අපේ සමහරුන්ගේ පොත්වල ඒ මාසය අතුලත තව රටවල් 3න හතරකට ගිහින් ආපු විසා තිබුනේ කොහොමද කියලත් ඔයාලට දැන ගන්න පුළුවන්.......


    ප. ලි.

    මේපාර පොස්ටුව ඉදිරිපත් කිරීම ගෙන ඔබගේ වටිනා අදහස බලාපොරොත්තුවෙමි..............