මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 25 August 2014

තුන............... !!!!

මුලින්ම හෝ කාලෙකට පස්සේ මැලේසියාවට ආපු අයට 

අද කතාවට පුර්විකාව


එහෙනම් ඔන්න ටුඩේ ස්පෙෂල්.......

පට්ටපල්, අමුලික ඇත්ත කෙටි කතා මාලාවේ.... තුන 


කුමාර සහ කුමාරි 


    නමින් කුමාර උනාට මෙයා උපතින් නම් සාමාන්‍ය එදාවේල ගැට ගහගත්ත හැටන් වල අල ( අර්තාපල්, අල වවන) පවුලක කොල්ලෙක්. සාපෙ වෙනකම්  ගමේ පාසලට ගිය මේ කුමාරව, ගමේ වවන අල ටික කොළඹට විකුණන පොහොසත් අතරමැදියා උන තම එකම මාමා කොළඹට කිට්ටු හෝමාගමට ගේන්නේ උපේ කරවන්න.

     නුගේගොඩ පාසලක උපේ අහවර කරන කොටම කුමාර තම කොළඹ අලුත් යාළුවන් එක්ක සැට් වෙන්නේ මහරගම අරකෙ IT කොස් එකක් කරන්නයි. ඔන්න ඒ කරුමාන්තේනම් අනාගතේදී අල (ගොවියෙක්) වෙන්න හිටපු කුමාරට බොහොම හොඳින් පත්තියන් වෙනවා.. තව අවුරුදු හතරක් විතර යනකොට කොම්පිතරේ මොකද්ද කුමාර මොකද්ද කියලා හොයන්න බැරි තරමටම මෙයාලා එකට බැඳෙනවා. 

     ලංකාවේ මෘදුකාංග නිපදවන පෞද්ගලික සමාගමක තම දැනුම මුවහත් කර ගන්න කුමාර ඊළඟට නවතින්නේ මැලේසියාවේ සයිබජයා කියන නගරයේ තවත් එවැනිම සමාගමක අයිටී ඉංජිනේරුවෙක් ලෙසටයි.
   මෙතන කුමාර එක්ක වැඩ කරනවා අපේ දකුණු ආසියානු රටවල් වන ඉන්දියාවේ, පාකිස්තානේ, වගේම බංග්ලාදේශ් IT ඉංජිනේරුවොත්. ඔක්කොම එකම වයස් කාණ්ඩවල කට්ටිය නිසා කොම්පිතරයා ළඟ නැති වෙලාවට මේ කට්ටිය වල බැස්සෙත් එකටම තමයි. 

    ඔය වල බහින වෙලාවට කට්ටියගේ කතාව තමයි කොමද අපි වැඩි වැඩියෙන් කියක් හරි හොයාගෙන ඉක්මනට ලක්ෂරි ලෙවල් එකට ඇවිත් තම තමන්ගේ රටවලට යන්නේ කියන එක. ඕනෑම මෙවැනි සමාජ කාණ්ඩවල අංකුරෝ එකෙක් දෙන්නෙක් ඉන්න එකත් සාමන්‍ය දෙයක්... මෙතනත් ඒවාගේ හිටපු එකෙක් තමයි කුමාරගේ ඔලුවට දාන්නේ ලංකාවෙන් හවුස්මේඩ් වැඩේට කෙල්ලෝ ගෙන්නලා දුන්නොත් එක්කෙනෙකුට රිංගිට් තුන්දාස් පන්සියක්, හාරදාහක් වගේ (රුපියල් ලක්ෂ එකහාමාරක් විතර) ගානක් ගන්න පුළුවන් කියලා.

    කොම්පිතරේට ඉංජිනේරුවෙක් උනාට, සමාජවබෝධය සම්බන්ධයෙන් නම් මේ ගමෙන් නගරෙට ආපු කුමාර අත දරුවෙක්. විදේශ රටකදී මේ රැකියාවේ යෙදෙන කාන්තාවකට එල්ලවිය හැකි ගැහට ගැන  කිසිදු  අවබෝධයක් මෙයාට තිබුනේ නෑ. මොහු කල්පනා කරේ, තම ගමේ වේලකට පාන්කාලක් කන්න නැතුව ඉන්න කෙල්ලන්ව මාසෙකට එකා දෙන්නා ගානේ මෙහෙට ගෙනාවනම් තමන්ගේ අදායම කොපමණක් උඩ යයිද කියලා විතරයි. 

   සල්ලි හම්බ වෙනවනම් අල වගේද ගෝවා කියලා හිතපු කුමාරගේ හෝමාගම මාමා හැටන් වලින් මුලින්ම කෙල්ලෝ දෙන්නෙක්ව ලැහැස්ති කරා. මාමාගේ කෝමිස් එක තමයි  ඒ ගෑනු ළමයින්ව මෙහෙ වැඩට ගන්න අය එයාලට විසා එකට හා ටිකට් එකට කියලා දෙන රුපියල් හැට දාහක විතර මුදල (එක්කෙනෙකුට). ඒ මුදල මාමා අරගෙන ගෑල්ලමයින්ට කියනවා ඔයාලට මාසෙකට රුපියල් පනස්දාහක විතර පඩියක් ගන්න රට යවන්න ඔයාලට වියදම් වෙන්නේ ටිකට් එකටයි විසිට් විසා එකටයි යන ගාන විතරයි කියලා... 

   විසිට් විසා එක සුදානම් කරාට පස්සේ කුමාර එක සෙනසුරාදාවක
ලංකාවට ඇවිත් එයාගේ යාලුවෝ දෙන්නෙක් විසිට් එකකට ගෙනියන විදියට මේ දෙන්නව පහුවෙනිදාම මැලේසියාවට අරන් එනවා. ඊට පස්සේ හවුස්මෙඩ්ලව සොයමින් සිටි තම සගයන්ට එයාලව පවරන්නේ තමන්ගේ ගතමනාව සාක්කුවට දා ගන්න ගමන්. 
  
   මේ විදියට සත්‍ය වශයෙන්ම මේ කුමාර හැටන් අල කෙල්ලෝ කිදෙනේක්ව මෙහෙට ගෙනාවද කියලා අපි  දන්නේ නෑ. එත් කතාන්දරේ අපිට දැනගන්න මුල් වෙන්නේ කුමාර හැටන්වල හිටපු කුමාරිව මැලේසියාවට ගෙනාපු නිසයි. 

  කුමාරි විසි හැවිරිදි, ඇත්තෙන්ම රුවැති යුවතියක්. ඇයව ලංකාවෙන් මෙහෙට ගෙනියන්න කුමාර ආපු වෙලාවේම ඇත්තෙන්ම කුමාර ඇයගේ චාම් ගැමි රුවට වශී උනා. තොරතෝංචියක් නැතිව තම අනාගත බලාපොරොත්තු ගොන්න තම ගමේ උපන් කුමාරට කුමාරි පැවසුවේ පැය තුනාහාමාරක ගුවන් ගමනේදියි. 

  වෙනදාට ගෙන ආ දින ඒ වෙලාවේම වැඩකරන්න තියෙන තැනට මේ ගේන ගැහැණු ළමයින්ව බාර දුන්නත්, කුමාරිව කුමාර තම සුවිසල් නිවසට රැගෙන ගියේ ඇත්තෙන්ම ඇය රුමතියක් නිසා සිතේ හටගත් මොකද්දෝ මෙව්වා එක නිසායි.  

  කුමාරගේ නිවසේ පොඩි කාමර දෙක ඒ වෙනකොටත් තම ඔපිසියේම වැඩකොරන අප අල්ලපු රටේ දෙන්නෙක්ට කුලියට දීලයි තිබුනේ. ගෙදරට ගෙනාපු කුමාරිව දැක්කම උන් දෙන්න කුමාරගෙන් ඇහැව්වේ උබ ලංකාවට ගිහින් දවසින් කසාද බැඳලා අවාද කියලයි.... එත් කුමාර කිව්වේ මේ ගමේ නංගි කෙනෙක්. මෙහෙ හවුස්මෙඩ් ජෝබකට ඇවිත් තියෙන්නේ කියලා. ඒ කතාවත් සමගම මේ දෙන්නාටත් මේ යුවතිය ගැන පොඩි මෙව්වා එකක් ඇතිවුනේ ඇගේ රුප සම්පත්තිය නිසාමයි.

  දින දෙකකින් පමණ ඒ නිවසේ මෙහෙකාරයින් සඳහා ඇති කාමරයේ ලැගුම්ගත් ඇය මෙතෙක් කල් පිරිමින් පමණක් විසු එම නිවස ජිවය පිරි වාසස්ථානයක් බවට පත් කරා. ඇගේ එම කඩිසරකාරි වැඩ කෙරුවාවටත් ප්‍රනීත කෑම පිසිමටත් මේ පිරිමින් තිදෙනාම වශි උනා. 

   ඔය අතරේදී තුන්වන දිනයේ ඇතිවූ හදිසි අසනීප තත්වයක් නිසා එක ඉන්දියානුවක් වැඩට නොගිහින් ගෙදර නැවතුනා...............

මතු සම්බන්දයි...........

ලබන සතියේ ..............
** කුමාර වැඩට ගොස් පැමිණෙන විට කුමාරි හෝගාල අඬමින් නිවසේ ගේට්ටුව ළඟ.................
***** තදබල අසනීපෙන් සිටි ඉන්දියානුවාට මොකද උනේ ?????