මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 21 December 2015

අනේ මෙහෙම තණ්හාවක් .....අනේ මෙහෙම ආසාවක් ...... මිනිසුනේ ලැබේද මින් සැනසීමක්.?????.....

පට්ටපල් අමුලික ඇත්ත කෙටි කතාමාලාවේ හතර 


  රාළ මැලේසියාවේ සිදුවන ලොවෙත් නැති, ලොවිගහෙත් නැති ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙහෙයවන මහා ඉන්ටනෙට් ජාවාරම ගැන හෙළිදරව් කරනවා යැයි කිවේ මෙන්න මේ කතාවේදීය... ඒ අනුව ඒම කතා මාලාවේ අවසන් කතාව අද මෙසේ පටන් ගන්නවාය (ඉවර වෙන දවස ගැන වගකීමක් නැත)

 ඒ කතාව කිව්වාට මේ මුලින්ම ලියන්නේ ඒ කතාවම නොවේය... ඒ කතාවට ආරම්භයක් හැටියට ඒ වගේම වෙන කතාවක්ය..... මේ කතාව අවසානයේ හරි කතාව පටන්ගන්නවාය .........

   **************************************************

 මිට වසර හතරකට පමණ පෙර මැලේරාළ හදුනන ශ්‍රීලාංකික තරුණයෙක් තව ඔහුගේම වයසේ තරුණයෙක් සමග මා මුණගැසී උදව්වක් ඉල්ලුවාය. එම තරුණයාගේ නම සාගර යැයි කියමු...

  සාගරට අවශ්‍යව තිබුනේ ලංකාවේ හික්කඩුවේ වෙසෙන ඔහුගේ බාප්පාට ඊමේල් හරහා දිනුම් අදිනලද ලොතරයියකින් හිමිවී තිබු ත්‍යාගයක් වන ඇමරිකානු ඩොලර් ලක්ෂ දහයක මුදල බාප්පාට ලබාගැනීමට උදව් කිරි මටය. 


හෑ..... දැන් ඔය ස්වීප් එක කොමද බාප්පාට ඇදිලා තියෙන්නේ ??

මේකනේ අයියා අපේ බාප්පා කරන්නේ ටුවරිස්ට් ගයිඩ් වැඩේ.... අපේ බාප්පා අදුරන සුද්දෝ ගොඩක් ඉන්නවා ඔය සුද්දෝ ගාව තියෙනවා අපේ බාප්පාගේ ඊමේල්  ඇඩ්රස් එහෙමත්.... බාප්පා කියන්නේ ඔය දන්නා කියන කවුරු හරි කෙනෙක් බාප්පාගේ ඊමේල් එකත් මේ ස්වීප් ගන්න ආයතනේ රෙජිස්ටර් කරලා ඒ ඊමේල් එක හරහා තමයි ලස්ස දහය ඇදිලා තියෙන්නේ 

 කථාව අහන කොටම මැලේරාලට ඇතිවුයේ ලොකුම ලොකු මෙව්වා එකකි. එත් ඒ බව නොහඟවා රාළ දිගටම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන කරගෙන ගියේය 

 දැන් එතකොට බාප්පා කොමද දන්නේ ඔය ස්වීප් එක එයාට ඇදිලා කියලා ???

ඒ ස්වීප් අඳින තැනින් බාප්පාට ඊමේල් එකක් එවලානේ එයාට ස්වීප් එක ඇදිලා කියලා 

එතකොට කොමද සල්ලි එයාට දෙනවා කියලා තියෙන්නේ ???

මුලින්ම කියලා තියෙන්නේ එයාගේ ඊමේල් එක තෝරාගෙන තියෙනවා තැග්ගකට එක එයාට ලබාදෙන්න ඒ විස්තර කා එක්කවත් කියන්නේ නැතුව බාප්පාගේ නම ගම වයස ටෙලෙපොන් නොම්මර පාස්පෝට් නොම්මර ඔය ඔක්කොම ඒ ගොල්ලන්ට එවන්න කියලා ඊළඟට තමයි ඒ තෑගි මුදල සඳහන් කරලා ඒ කොම්පැනියෙන් බාප්පාට ඔරිජිනල් සහතිකයකුත් ඉෂු කරලා එකේ කොපියක්  ඊ මේලුත් කරලා......

 මේ තියෙන්නේ ඒ සහතිකේ අයිය්යේ 
(එම ඇත්තම සහතිකයේ පිටපතකි)

අම්මටසිරි නයා..... ඇත්ත නේන්නම් මේ තියෙන්නේ සහතිකේ.... 

ස්වීප් එකත් ඇදිලනම්, එක සහතිකත් කරලනම්  දැන් මොකද්ද වෙන්න තියෙන්නේ???

දැන් අයියේ මේකයි වැඩේ ලොතරැයි කොම්පැනිය මේ සල්ලි බාප්පාගේ නමින් මේ වෙනකොට චයිනා බෑන්ක් එකේ ඩිපොසිට් කරලා තියෙන්නේ. ඒ ගොල්ලෝ බාප්පාගෙන් අහලා ඒ චීන බැංකුවේ මැලේසියානු ශාකාවෙන් සල්ලි ටික අර ගන්න කැමතිද කියලා..... බාප්පත් කැමතියි කිව්වම මෙහෙ ඒ බ්‍රාන්ච් එකේ මැනේජර්ගේ නමයි  ටෙලිපොන් නොම්මරයි ඊමේල් එකයි දීල තියෙනවා ගිය සතියේ බාප්පට මෙහෙ ඒ මැනේජර් කෝල් කරලා සල්ලි TT කරන්න බාප්පාගේ එකවුන්ට් නොම්මරයකුත් අරන් තියෙනවා 

  දැන් එහෙනම් ඔක්කොම හරිනේ බාප්පාගේ එකවුන්ට් නොම්මරේ දුන්නනම් ඒගොල්ලෝ දැන් සල්ලි ටික TT කරයිනේ ....

  එතනදී තමයි අපිට ඔයාගේ උදව් ඕනා අයියා... දැන් ඒ චීන බැංකුවේ මැනේජර් නෝනා අපේ බාප්පට කතා කරලා කියනවා ඒ සල්ලි ටික එවන්නනම් එගෝල්ලන්ගේ document & transfer fee එක USD 1950/-ක් ඉස්සෙල්ලා එයාලට ගෙවලා ඉන්න ඕනලු..... ඊට පස්සෙලු එයාලා සල්ලි ගොඩ අපේ බාප්පාට එවන්නේ.....

   ඉතින් බන් ඔය එවන සල්ලිවලින්ම ඒ ගාන අඩුකරගෙන ඉතුරුටික එවන්න කියලා බාප්පාට කියන්නනේ තිබුනේ 

   අපේ බාප්පට එච්චර මොලයක් නෑ අයියා එයා කියනවා ගෙවන්න ඕනා සල්ලිටික එයා මට එවන්නම් ඒ බැංකුව හොයාගෙන එතනටම ගිහිල්ලා ඒ මැනේජර් නොනව හම්බවෙලා  එක්දාස් නමසිය පනහ දීලා ලස්සදහය අරගෙනම එන්නලු....   


පිස්සුද මනුස්සයෝ තේරෙන්නේ නැද්ද ඔතන තියෙනවා කතන්දරයක් එහෙම සල්ලි තොගයක් දෙන්න තියෙනවනම් ඔය පොඩි ගාණ එකෙන් අඩු කරගන්නවා මිසක් ආයෙත් වෙනම ගෙවන්න කියනවද..... හොඳම වැඩේ දෙනවා මට ඔය බැංකුවේ ටෙලිපොන් නොම්මරේ මම කතා කොරන්න 

මැලේසියානු ජංගම දුරකතනයක් වුනු ඒ අංකයට මම කීපවරක් ඇමතුම් ගත්තද අනෙක් පසින් කිසිවෙකුත් දුරකතනයට සම්බන්ද වුයේ නැත...

එවිට සාගර නැවතත් එම වෙලාවේම තම ලංකාවේ බාප්පාට අමතා මේ තත්ත්වය පැහැදිලිකර ඒ වෙලාවේම ලංකාවෙන් ඇමතුමක් ලබාගෙන මැනේජර් නෝනාට මාගේ අදහස අනුව ක්‍රියාකළ හැකිදැයි විමසුවත් ඇය පවසා ඇත්තේ එම විශාල මුදල බාප්පාගේ නමින් ඇති ගිණුමේ තැන්පත්ව ඇතිනිසා ඇයට  එම මුදල් වලට අත තැබිය නොහැකි බවය. 

දුරකථන ඇමතුම් කිහිපයක් එහෙට මෙහෙට ගියායින් පසු මා කිවේ එම මැනේජර් නෝනා ඇයි අපි මැලේසියාවෙන් කතා කරාම පිළිතුරු නොදෙන හේතුව විමසන ලෙසය. එවිට ඇය බාප්පාට ඒවා තිබුනේ චීන ජංගම දුරකථන අංකයක්ය. ඒ හරහා පළමු වරට මා ඇය හා කතා කොළෙමි...

දැන් මිසිස් විලියම් ඇයි මේක මට කෙලින්ම බැංකුවට ඇවිල්ලා ගෙවන්න බැරි...???

මේකනේ මෙයා මේ වන් මිලියන් ඇවිත් තියෙන්නේ අරයගෙ නමටනේ... එයා තමයි මේක ඔපිසියලි ගෙවන්න ඕනා වෙනකාටවත් මැදට එන්න බෑ 

ඉතින් අපි මේ ගෙවන්න යන්නේ එයාගේ සල්ලි තමයි... එයා මෙහෙ නැනේ එත්  අපි මෙහෙ ඉන්නේ එයා මගේ මාමා මම ඇවිල්ලා ඔයාගේ තැනට සල්ලි ගෙවන්නම්.. මොකද කියන්නේ 

අයියෝ එහෙම බෑ අනේ ඔයාට තේරෙන්නේ නැද්ද මේ අපි ඔයාගේ මාමාට කරන්නේ උදව්වක් එයා සල්ලි එවන්න ඕනා වෙස්ටන් යුනියන් එකෙන් අපි දීපු නමට විතරයි නැත්නම් මේක කරන්න බෑ ... මාමාගේ සල්ලි ටික අපි ආපහු එවපු තැනටම යවන්න වෙනවා 

  ඒ වන විට මා අන්තර්ජාලයෙන් මැලේසියාවේ චීන බැංකුව තිබෙන තැන හා දුරකථන අංක වල විස්තර සොයාගෙන ඉවරය.... අවසන් අදියර ලෙස මම විලියම් නෝනාගෙන් මෙසේ ඇසුවෙමි...

   හරි දැන් ඔයා වැඩකරන්නේ අහවල් විදියේ අහවල් තැන තියෙන චීන බන්කුව් නේද 

  ඔව් මම එතන තමයි ඉන්නේ එත් මම ඉන්නේ හත්වෙනි තට්ටුවෙනේ... පාරිබෝගිකයින්ට මාව කෙලින්ම හමුවෙන්න බෑ... මගේ රැකියාවේ නීති රෙගුලාසි හැටියටත් මට එහෙම කාවවත් හම්බ වෙන්න බෑ ඔයාලා අද දවස ඇතුලත මේ සල්ලි වෙස්ටන් යුනියන් කරොත් හරි නැත්නම් හෙට මම සල්ලි ආපහු යවනවා 

   මම අහන්නත් කලින් එයාව මුණ ගැහෙන්න එපැයි කියලා ඔන්න ඔහොම එයා කට් උනා කියන්නකෝ  

රාළලා ගිය එම බැංකුවේම ජයාරුපයකි 
              එහෙම එපයි කිව්වා ගමන් මම නොගිහින් ඉඳියිද ? කොහොමත් අනුන්ගේ පරිප්පු තෙම්පරාදු කරගන්න ඉන්න මම සාගරයවත් දාගෙන පහුවදා උදේම චීන බැංකුවට ගියා කියමුකෝ 

 ගිහිල්ලා පිළිගැනීමේ නිලධාරිනියට හිටපු චෝයි නංගිගෙන් ඇහැව්වා අන්තර්ජාතික මුදල් හුවමාරු අංශයේ මැනේජර් නෝනා වන විලියම් අක්කව කොමද හම්බවෙන්නේ කියලා 

  අනේ එක ඇහැව්වත් හරි අර සුදු මුණ රතු වෙලා මේ නංගිගේ දතකට පුට්ටු වෙන්න වගේ ආවා නොවෑ මම බලන් ඉන්දිද්දීම..  එත් අනෙක් අතට ඒ මුකුත් නෑ වගේ මුණ හදා ගත්තු මේ නඟා පොඩ්ඩක් ඉන්න අයියේ කියලා ගත්තා කෝල් එකක් විනාඩි පහක විතර මට තේරුනේ චෑන් චෑන් ගානවා විතරයි. ඊළඟට අපි ලඟට ආවා උස මහත අයියා කෙනෙක් මේ පැත්තෙන් එන්න සර් කියලා අපි දෙන්නව එක්ක ගෙන ගියා කියන්නකෝ එළියෙන් සහ ඇතුලෙන් යන දෙපැත්තෙන්ම ලෝක්  කරන කාමරයක් ඇතුලට 

මේ මොකද්ද අයියා මේ කාමරේ ?

      මේ කාමරේට තමයි සල්ලි ලස්ස ගණන් ගන්න සහ දාන්න එන අයව වැඩි ආරක්ෂාව සඳහා තියා ගන්න කාමරේ

     ඒ කියන්නේ අපි නෝනගේ නම කිව්වා ගමන් මේ කාමරේට දැන්මේ කෙලින්ම සල්ලි දෙන්නද යන්නේ 

   ඔව් ඔව් සල්ලි නැතත් හොඳම එකෙන් හම්බවෙන්න වගේ තමයි යන්නේ අපිව මේ කාමරේට ගෙනාවෙත් මෙයාලගේ සිවිල් සිකුරිටි කෙනෙක්....

   අයියා දැක්කද අපි අර නෝනගේ නම කිව්ව ගමන් අර කෙල්ලගේ මුණ වෙනස් වෙච්ච හැටි ??...... මට විසාත් නැතුව මොන ජංජාලයක් වෙයිද මන්දා......

    මම කියන්නද උබ හොඳටම බඩේ අමාරුව වගේ ඉඳපන් මම කතා කරලා ඔයාව ටොයිලට් එකට යවන්නම් එතනින් උබ කෙලින්ම එලියට ගිහින් මම කෝල් කරනකන් ටිකක් ඇතට වෙලා ඉඳපන්.........  

    කාමරයේ දොර හැර සාගරව එලියට යවා තෙම්පරාදුකරගත් පරිපුව කන්න ලැහැස්ති වෙමින් මම බලාගෙන සිටියේ ඊළඟට මේ කාමරයේ සිදුවෙන්නේ මොකක් විය හැකිදැයි කල්පනා කරමින්ය....


   ඇයි මම විතරක් බලන් ඉන්නේ බෝලත් ඊළඟට මොකද වෙන්නේ කියල ඊළඟ පොස්ටුව එනකම් (කවදා හරි) බලාගෙන ඉඳපල්ලා....

   එහෙනම් අදට මම ගියාවේ......




Friday 27 November 2015

ලංකාවේ එහෙම උනත් , මැලේසියාවේ එහෙම වෙන්නේ නෑ...... නෙමෙයි හිටු කියලා වෙනවා ඕයි....

   

    ඔන්න ඉතින් කාලෙකට පස්සේ රාළට පොඩි මෙව්වා එකක් ඇවිල්ලා පොස්ට් එකක් දාන්න හිතුනා කියමුකෝ. ලියන්න හිතාගෙන සහ ලියන්න පොරොන්දු වෙච්ච ගොඩක් දේවල් තිබුනත් කාලෙකට පස්සේ වැඩේට බැහැපු නිසා ඔන්න ඔහේ මේ පැත්තේ පොඩි ඕපාදුප ටිකක් ලියලා දාන්න ඕන කියලා හිතුනා. 

 පහුගිය මාස කීපයක් තුල මේහේ තිබුනනේ මාරම මාර හේස් එකක්....... හරියට ලිව්වා බොල, කෙස් එකක් නෙවි හේස් එකක්.  එක මොනවගේද කියන්න කලින් පොටෝ ටික බලලා ඉමුකො. 




        මේ තියෙන්නේ ගිනි දවාලේ මැලේසියානු අහස හා වටපිටාව තිබුන හැටි.... 
     අන්තිම පොටෝවේ තියෙන්නේ රාල ඒ දවස් වල වැඩට ගිය හැටි ......
මේ මීදුම නෙවි .... පට්ට දුමක් මුළු රටෙන් බාගයක්ම වහගෙන..... ඕකට තමයි හේස් කිව්වේ....  හුස්ම ගන්නත් බෑ... දුම් ගඳ, ඒ මදිවට මේ දුම නිසා (වාතයේ අපිරිසිදුතාවය නිසා) ලෙඩ හැදෙනවා.... පාසල් නිවාඩු දීලා....... බොහෝ අයට ඇදුම, කැස්ස හතිය වගේ ලෙඩ .... ඔන්න වැඩේ....

   ඇත්තටම මොකද්ද මේකට හේතුව.........? හේතුවත් ඉතින් මිනිස්සුන්ගේ අයහපත් කල්කිරියාවම තමා මේකට ආසන්නම හේතුව තමා ඉන්දුනීසියාවේ හා නැගෙනහිර මැලේසියාවේ සිදුවන කෑලෑ ගිනි තැබීම්...
ඔය පහල තියෙන්නේ ඒවායේ සාක්ෂි....





     නැවත වගා කිරීම් සඳහා හැම අව්රුද්දේම මේ දේ සිදුවෙන එක මෙහෙ සාමන්‍ය දෙයක් එත් කලින් අවුරුදු එක්ක සංසන්දනය කරන කොට මේපාර දුම සැහෙන්න වැඩි උනා ඒ නිසා AQI (Air Quality Index) අගය උපරිමේටම වැඩිවෙලා (දම් පාට) මේ රටේ පාලකයන්ට  මේකට විසඳුමක් දී ගන්න බැරුව මෙයාලා ඉතිං මුකුත් නොදන්නා තොත්ත බබාලා වගේ බලන්  හිටියනේ බොලන් පහුගිය කාලේ.....

   
      කොමෙන් කොම හරි මේවෙනකොට තත්ත්වය යහපත් අතට හැරිලා නැවත AQI එක කොලපාට වෙලා තියෙනවා කියහල්ලකෝ  හිටං... එහෙම උනේ අර රුසියන් කාරයෝ IS එකට බෝම්බ අතාරින ගමන් ඉන්දුනිසියාවට ජල බෝම්බ වගයකුත් අත්හැරිය නිසා කියලා තමයි රට්ටු කියන්නේ ඉතින්.....

********************************************************************************

  ඒ ඇරෙන්න මේ දවස් වල මෙහෙ රට රටවල් කීපයක ලොක්කෝ ඇවිල්ලා ඉන්නවා  ASEAN Summit සැසියට. ඒ කෂ්ටිය ආව එකනම් අවුලක් නෑ, අවුල තියෙන්නේ මෙයාල එනවා කියලා ප්‍රධාන පාරවල් වලින් බාගයක්ම වහලා.....  ඉතුරු බාගේ මාර්ග බාධක දාලා ඒ දවස් දෙක තුනේම වැඩට එනකොට දෙතුන් පාරක් හා ගෙදර යනකොට දෙතුන් පාරක් බැගින් කීප වතාවක්ම පොලිස් පරීක්ෂාවන්ට හසුවන්න විශේෂයෙන්ම මැලේ රාලල වගේ විදෙෂකයින්ට සිද්ද උන එකයි ......

 ඊළඟට දැන් ඔය ඔබාමා ඇතුළු ඔය හැම රටකම ලොක්කෝ ආවා කියමුකෝ ඒ උනාට මැලේසියානුවෝ නෙවි තඹ සතේකට ඔය කට්ටිය එනවා කියලා ගණන් ගත්තේ.... 33% චීන ජාතිකයෝ ඉන්න මේ මැලේසියාවේ, චීන රටේ කට්ටිය එනවයි කියලා මෙහෙ චීන්නු අමුතුවෙන් චුන් වෙන්න ගියේ නෑ... එත් 5% ඉන්න අපේ අසල්වැසි රටේ කට්ටිය මාරම චුන් එකක් ගත්තේ එයාලගේ මෝඩී දී මෙහෙ එනවා කියලා.... බ්‍රික්ෆිල්ඩ් හෙවත් ලිටල් ඉන්දියා වල පාරවල් වහගෙන, ස්ටේජ් පාර මැද්දේ ගහගෙන, තෝරන් බැඳගෙන, වෙල්කම් මොදී කියලා තඩි කටවුට් ගහගෙන,  බලන්න එපැයි නටපු නැටිල්ලක්. කොටින්ම දැනට අවුරුද්දකට දෙකකට කලින් විතර මොදී  එනකොටත් මෙතන මාසයකට කලින් විතර ඉඳන් මෙගා සයිස් වතුර මලක් හදලා මොදිට කියලා විවුර්ථ කෙරෙව්වා මේ තියෙන්නේ ඒ වතුර මල 

ඊට පස්සේ මේපාර ඔය වතුර මලටම එහා පැත්තෙන් අර මොකද්දෝ ගල්කණු වගේ අයිටම් එකක් හදලා එක විවුර්ථ කෙරෙව්වා .. වැඩේ කියන්නේ අපේ ලංකාවේ වගේම වෙලාවට එක හදලා ඉවර කරගන්න බැරුව හදලා ඉවර වෙලා තිබ්බ ටික යන්තම් විවුර්ථ කරා .... මේ දවස්වල ඉතුරු ටික හදනවා....
 මේ තියෙන්නේ එක තමා 


අලෙ මන්දා උන් මේවා අපෙන් ඉගෙන ගත්තද අපි මේවා උන්ගෙන් ඉගෙන ගත්තද කියලා 

********************************************************************

ඔය කතන්දර ඔහොම යන අතර තුරේ, පහු ගිය සති අන්තෙක රාළ  ගියා කියන්නකෝ පන්සල පැත්තේ.... යනකොට ප්‍රධාන ශාලාවේ උත්සවයක්. ගියා ඒ ඕපාදුපෙත් බලන්න. රෑ කෑමට ඩිනර් එකක් දෙන තරමේ උත්සවයක් .... මොකද්ද මේ ??  දහම්පාසලේ තෑගි බෙදාදීම. මම යනකොට අවසන් හරිය. (ඔව් ඔව් කන වෙලාව තමයි)   දහම් පාසලේ ඔක්කොම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හාරසියයක් විතර ඉන්නවා ඔතනින් දහයක් දොළහක් විතර ඉන්නවා ශ්‍රී ලාංකික සිංහල.... ප්‍රතිශතයක් හැටියට 3%ක් විතර...... එක පන්තියකට එක, දෙක, තුන, ගානේ තෑගි තුනයි පන්ති දහයට තෑගී තිහයි... එතනින්  තෑගි හයක්ම අරන් තියෙන්නේ අර සිංහල කට්ටිය ඉතින් ඒ සතුටට එදා රෑ  මැලේරාළත් පන්සලෙන් හොඳට කෑවා...

මේ තියෙන්නේ එදා තෑගි ගත්ත අය ශ්‍රී ලංකා මහා කොමසාරිස් හා විදුහල්පති හාමුදුරුවොත් එක්ක ගත්ත පොටෝව 


ඔන්න ඉතින් මෙලෝ රහක් නැති ඕපාදුප දෙක තුනකුත් කියලා පොස්ට් එකකුත් තලාගෙන රාලයා යන්න කියලා තමයි කල්පනාව ....

අර කලින් කිව්වා විදියට ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති මැලේසියාවේ ඇති අන්තර්ජාල මුදල් ජාවාරමේ විස්තරෙත් එක්ක ආයෙත් එන්නම්කෝ ඉතින්......

Monday 13 April 2015

බ්ලොගර්ස්ලගේ අවූරුදු උත්සවේ කඩාකප්පල් කිරීමේ තැතක්......

 කව්ද ඩෝ බුරන්නේ ...........???    නරිද.... ? 


   රාලයට දැන් තමයි හරියට කොන්ෆොමේසන් කොරපු ඉන්ෆොමේසන් ආවේ..... මේ පාර බ්ලොග් වල කට්ටිය කරන්න යන අවූරුදු උත්සවය කඩාකප්පල් කරන්න මේ මැලේසියාවේ කට්ටියක් උත්සහ කරනවා.

 තව ටිකක් පැහැදිලිව කියනවනම් දැන් ඔය ලබන ඉරිදා බ්ලොගේ කට්ටිය තියෙන අවූරුදු උත්සවේට මැලේසියාවේ ඉන්න අටෝරාසියක් බ්ලොගස්ලා කාටවත් එන්න වෙන්නේ නෑ ඔන්.... 

   මොකද මැලේසියාවේ අව්රුදු උත්සවෙත් ඒ දවසටම මෙහෙ තියෙන නිසා...... නිකන් නෙවි උදේ අවූරුදු උත්සවයත් හවසට නරි බුරති කියන වේදිකා නාට්‍යයත් සමග..... 

    සෙල්ලන් නැනේ මේ සංවිධායකයෝ ටික 

 මේ පාරත් ගියවර වගේම ශ්‍රී ලංකා එක්ස්පැක්ට්‍රියෙට් ඇසොසියමේ ප්‍රධානත්වයෙන් හා තානාපති කාර්යාලයේ තානාපති තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ ප්‍රධාන අනුග්‍රහයෙන් බෞද්ධ මහා විහාරයේත්, සෙන්තුල් බෞද්ධ විහාරයත්, සේවක සුබසාදක සංගමයත් කියන කට්ටිය එකතු වෙලා තමයි මේ මහා කර්තව්‍යය කොරනවා කියන්නේ....

  එහෙනම් අප්‍රේල් දහනම වෙනිදා මැලේසියාවේ සිටින සියලුම ශ්‍රී ලාංකික දෙනා උදේ වරුවේ බ්රික්ෆිල්ඩ් නගරයේ DBKL ක්ලබ් සුකාන් කියන ක්‍රීඩා පිට්ටනියේදීත් හවස බෞද්ධ මහා විහාරයේ අශෝක ශාලාවේදී නරි බුරති සමගිනුත් එක්වන්නට එන්න අරාධනා කරමින් .... අදට මම ගියාවේ... 



  අපි සහබාගි නොව්නත් එකම දින පැවැත්වෙන බ්ලොග් අවුරුදු උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියාත් ලබන්නාවූ සිංහල අලුත් අව්රුද්ද සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා කියාත් මැලේරාළ හෙවත් මැර කාකා ඉතසිතින් ප්‍රර්ථනා කරන වගයි.......... 

Saturday 14 March 2015

තුනේ, දෙක.............

තුනේ, එක මෙතන ඔබන්න.....



කුමාර සහ කුමාරි 2

  කුමාර ගෙදර එනකොට කුමාරි දොරකඩ ළඟ හොඳටම අඩනවා එක දැක්ක ගමන් කුමාරටත් ටිකක් අප්සැට්..... මොකද අඩන්නේ කියලා හොයලා බැලුවම තමයි දන්නේ අසනීපවෙලා ගෙදර හිටිය ඉන්දියානුවාත් එක්ක එකට වැඩ කරන මැලේසියන් දමිල ජාතික මිතුරෙක් ලෙඩ බලන මුවාවෙන් ගෙදරට පැමිණිලා කුමාරිට මොකද්ද කරදරයක් කරන්න ගිහින්..... එකට තදින්ම විරුද්ධ උන කුමාරිට ඔවුන් පහර දිලා.... මෙසේ පැය කිහිපයක් උත්සහා කරලත් කුමාරිගෙන් ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ ලබාගන්න පුළුවන් උනේ නෑ...... ඒ නිසා කුමාර එන්න කලින් උන් දෙන්නා මාරු වෙලා....

  දැන් තමයි කුමාර ලොකුම පස්නේට මුණ දෙන්නේ මේ කාමරේ ඉන්න එකයි අනිකයි තම ආයතනයේ ඉහල නිල දරන අය.... ඒ නිසා ඔවුන් සමග පස්නයක් දාගන්නත් බෑ එත් මේ කෙල්ලට උන් කරන්න ගිය දේ ගැන නිකන්ම අත හරින්නත් බෑ ..... කොහොම උනත් අවසානයේ කුමාර තීරණය කරනවා හැකි ඉක්මනින් කුමාරිව මේ නිවසින් පිටමන් කරන්න... ඒ කියන්නේ මෙහෙකාරියක් හැටියට වෙන නිවසකට කුමාරිව යවන්න... ඒ අනුව පසුවදාම මැලේසියන් ඒජන්ට්ගේ මාර්ගයෙන් කුමාරි නිවසක මෙහෙකාරකමට පිටත්ව යනවා.

  එදා ගෙදරින් ගිය ඉන්දියානුවා නැවත නිවසට හා වැඩට ආවේ දින තුනකින් විතර ඒ වෙනකොට කුමාරට ඔවුන්ට විරුද්දව යමක් කරන්න තිබුන මෙව්වා එක සැහෙන්න දුරට අඩුවෙලා තිබුනේ ඒ නිසා ඔහු ඒ ගැන කිසිවක් නොවිමසා නිහඩවම සිටියා. කාලය තව සති කිපයක් ගෙවිලා ගියා. 

    ඔය අතරේ දවසක නැවතත් කුමාරි, කුමාරට කෝල් කරලා කියනවා ඒ ගෙදර වැඩිමහල් අවුරුදු 16ක පමණ පිරිමි දරුවාත් තමාට කරදර කරන්න හදනවා කියලා. වහාම ඒ ගෙදරට, අදාළ ඒජන්ට් සමග ගිය කුමාර ගෙදර වැඩිමහල්ලන්ට මේ බව දන්වනවා... තම පුතාට අබුත චෝදනා එල්ල කරපු මෙහෙකාරිව එම මොහොතේම ගෙදරින් එලියට දානවා ඒ ඔවුන් ඒජන්ට්ට මෙහෙකාරිය ලබාගැනීම ගෙවපු රිංගිට් හයදාහ කුමාර ඒ අයට නැවත ගෙව්වට පසුවයි. 

  දැන් කුමාරට කුමාරිව ගෙදර ආපහු අරගෙන එන්න විදියකුත් නෑ තියන්න තැනකුත් නෑ...... එත් අර හිතේ කුමාරි ගැන තියෙන මෙව්වා එක නිසාම හෝටලයක කාමරයක් කුමාරිව නවත්වනවා ඒ දින තුනකට ... මන්ද ඒජන්ට් පොරොන්දු වෙනවා දින තුනක් ඇතුලත වෙන නිවසක් සොයා දෙන්නට. මේ දින තුනේදී කුමාරගේ උදේ හවා දවසෙන් සැහෙන්න වේලාවක් ගත උනේ කුමාරිගේ තනියට ඇගේ කාමරයට වී සිටින්නයි. දින කීපය අවසානයේ දෙදෙනාගේම සිත්තුල යම් මෙව්වා එකක් වර්ධනය වෙන්න පටන් ගෙන තිබුනා......  

  ඒජන්ට්ගේ පොරොන්දුවට අනුව දින කීපයකින් කුමාරි නැවත පිටත්ව යන්නේ තම පුතු පිටරටක සේවයට යන නිසා තනි වුන වියපත් යුවලක් සිටින නිවසකට. ඊට පස්සේ කුමාර හා කුමාරි දිනකට කීපවතාවක් දුරකතනයෙන් කතාකරන්න ගත්තා. නමුත් මාසයක් විතර යනවිට ඒ ගෙදර මහලු කාන්තාව තමන්ට සැරවැර කරන බවටත් පුරුෂයා අනවශ්‍ය අගැලුම් කම් පානබවත් කියමින් කුමාරි අඩන්න ගත් නිසා කුමාර ඒ නිවසින් වෙනත් නිවසකට නැවතත් ඇයව මාරු කරා මේ විදියටම නිවාස හතරකට පහකට මාස තුනකටත් අඩු කාලයකදී මාරු කරන්න ගිය කුමාරි නිසා මේ පැත්තෙන් එජනුත් ලංකාවෙන් කුමාරගේ මාමාත් නොසතුටෙන් හිටියේ.......

  මේ ප්‍රශ්නය විසදන්න තම බෑනාට උපදෙස් දුන් ලංකාවේ මාමා, කුමාරට කිව්වේ ඔය ගෑණු ළමයට පස්නය තියෙන්නේ එයා වහගෙන ඉන්න එක මාර්ගයක් නිසා.... ඔයා පිරිමියෙක් හැටියට ඒ මාර්ගයේ පළමුවෙන් ගමන් කරලා හරියට පාර ඇරලා, ඒ ලමයට තේරුම් කරලා දුන්නනම් දැන් ඉතින් ඔතනින වාහන කියක් ගියාද කියලා එයාට ඇරෙන්න වෙන කාටවත් හොයන්න බෑ කියලා ඔය ඕන ගෙයක එයාට එක දිගට වැඩ කරන්න පුළුවන්නේ කියලා කියපි... (චෝයි මාමා නේ ???)

එකෙන් දිරිමත් උන කුමාර අදාළ 
මාර්ගය ඉතා පහසුවෙන් විවුර්ත කරේ කුමාරිගේ සිතේ බලාපොරොත්තු ගොන්නක් හිර කරමින්....... පිටරටකදී ලැබෙන අසීමිත නිදහස ඉහලින්ම ප්රෝයෝජනයට ගත් මේ දෙදෙනා එම කාලය ගත කරේ අලුත විවාහ උන යුවලක් වාගේ.. මේ සිහින ලෝකයේ ගිලිලා හිටිය කුමාරි එක සැරේම කුමාරට කියනවා දැන් අපි එහෙනම් ලංකාවට ගිහින් කසාද බඳිමු කියලා....... 

   මුලින් මුලින් මේක කුමාර එතරම් ගණන්ගත්තෙ නැතත් ටික දවසකින් කුමාරට තේරුනා කුමාරි එන පොට හොඳ නැති විත්තිය ඕන වෙලාවක කියන්නේ අයියේ අපි බඳිමු නේද කියලා......... ඔය අතරේම තමයි කුමාරිගේ මාස් පතා වෙන්න ඕනා දේ මාස දෙකක් යනකනුත් සිද්ද නොවී තිබුනේ  


    කුමාර තාත්තා කෙනෙක් වෙනවයි කියලා දැනගන්න කොට සංතෝස උනේ ඒ බව තහවුරු කරපු දොස්තර විතරයි..... කුමාරිනම් හොඳටම බය උනා කුමාරට ආවේ කේන්තිය මුසු වෙච්ච පසුතැවීමක් හරියට අරක්ෂා නොවීම ගැන........ නැවතත් මේ අලුත් තත්වයට මුහුණ දෙන හැටි උපදෙස් අර චෝයි මාමාගෙන් 


  ඉහලින් ආපු උපදෙස් මත කුමාරිගේ දැඩි විරුද්දතාවය යටතේ එන්න හිටපු කෙනාව කුමාර ආපසු හරවා යැව්වේ හරියට ඒජන්ට් ගේ සල්ලි ගෙවන්නේ නැතුව රැකියාවට එන ගෘහ සේවිකාවක්ව හරවලා යවනවටත් වැඩිය පහසුවෙන් ඒ මෙරටේ තිබෙන දියුණු වෙයිද්‍ය විද්‍යාවට පින්සිද්ද වෙන්න

  එත් ඊට පස්සේ කුමාරි සම්පුර්ණයෙන්ම වෙනස් උනා ඇයට කුමාරව වහ කදුරු වගේ උනා...... ප්‍රේමය අවසාන වෙලා ඊළඟට ඇති කෙස්ගසකට එහා පැත්තේ තියෙන වෙයිරය දෙදෙනාගේම හිත්වල තිදින්ම රජයන්න උනා...... 

  මේ අනගි අවස්ථාවෙන් ප්‍රොයෝජන ගත්තේ අපේ මුළු ඉතිහාසය පුරාම සිද්දඋන විදියට අර අල්ලපු රටේ එවුන් එයාල කුමාරිගේ දුක නසන්න තව හරියක් වැනසුවා....... කලින් එම වැනසීමටම තදින් විරුද්ධ උන කුමාරි දැන් හැගීම් දැනීම් නැති අයෙකු සේ ඒවාට ඉඩ දුන්නේ ඒවා දිහා බලා කුමාර විඳවයි කියන චේතනාවෙන්..... නමුත් හැමදෙයක්ම මුදල්මත තීරණය කරන කුමාර සහ ඔහුගේ මාමා බැලුවේ මේකෙන් කොහොමද අදායමක් ලබන්නේ කියලාම විතරයි..... 

 හිනවන ආන්තික උපයෝගිතාව යටතේ ටිකදිනකින් ඉන්දියානුවන්ටත් කුමාරිව ඇති වේගෙන එනකොට කුමාර හින් සීරුවේ බුකිට් බින්තැන් කියන මැලේසියාවේ ප්‍රසිද්ද සංචාරක පුරවරයේ සැලුන් එකකට කුමාරිව යැව්වේ එක ගෙදර හිටියත්  තමන් එක්ක කථා නොකරන නිසා අර ඉන්දියානුවන් හොයලා දෙන ජොබ් එකක් හැටියට උන් හරහාමයි.
අනේ අපේ ශේෂ්ට්ර සිංහල ජාතියට අධෝමුකයෙනුත් හිනා වෙමින් ඒ සැලුන් එකට කෙල්ලෙක් වැඩට දැන්මම දෙන රිංගිට් හයදාහ (රුපියල් ලක්ෂ 2කයි තිහක් විතර) කුමාර සහ ඉන්දියානුවෝ දෙන්න සමව බෙදා ගත්තා.

 දැන් කට්ටිය බලනවා ඇති සැලුන් එකකට කෙනෙක්ව දාන කෙනෙක්ට එච්චර ගෙවනවද කියලා....................??? 

   සැලුන් එකක් කිව්වට මේකේ නම විතරයි සැලුන් ඇතුලේ වැඩිපුර කෙරෙන්නේ සිංහලෙන් කියනවනම් එක එක ශරීර අවයව සම්බාහනය කරන එක.... පරිබෝගිකයාගේ සම්බාහනය කරන අවයවේ හැටියට ඒ සම්බාහනය කරන කෙනාට ලැබෙන වැටුප ඉහල යනවා. ඒ වාගේම පාරිබෝගිකයාට තමන්ව සම්බහනය් කරන්න දුන්නොත් ආදායම බොහොමත්ම ඉහලයි.... මේ මැලේසියාවේ ඇවිත් ඔය බුකිට් බින්තන්වල කරක් ගහපු අය ඕක දන්නවා නොවැ..... (ඒ කිව්වේ නලින්ලා ඉවාන්ලා ගැන නොවෙයි ඕන් ......) 

  වැඩේ කියන්නේ තමන්ට වෙච්ච දේ ගැන කලකිරුණු කුමාරි ඒ වගේ අමාරුවේ වැටිලා ඉන්න තවත් මෙහෙ හිටිය හා ලංකාවේ හිටපු (දැන් මෙහෙ ඉන්න) තව දහ පහළොස් දෙනෙකුටම ඒ ඉසව්වේ ඔය පාරම්පරික රැකියාවට අවස්තාව සලසා දීලා තියෙනවා. කොහොම වෙතත් කුමාරි හරහා සහ වෙනත් අය හරහා දැනගෙන හා නොදැන පැමිණ මෙම සේවයේ යෙදෙන්නියන්  හතළිහකට ආසන්න සංක්‍යාවක් මේ ඉසව්වේ ඉන්න බව ආශ්චර්යමත් පාලකයන් හෝ යහපාලකයන් නොදන්නා බව මැලේ රාලනම් දන්නවා..    

  හිනා යන වැඩේ කියන්නේ අදටත් ලංකාවේ ඉඳන් එන සංචාරකයන් එළ ඉන්දියන් එකියකකින් සම්බාහනයක් කරගත්තා හා/හෝ කෙරුවා කියමින් ලංකාවේ ගිහින් පම්පෝරි ගහන්නේ බොහෝවිට තමරටේ කෙනක් ගැනම කියමින් බව ඔවුන් නොදන්නේ මේ කට්ටිය තම රැකියාවේදී තමන් ඉන්දියන් ජාතිකයින් ලෙස (විශේෂයෙන්ම ලංකික පාරිබෝගිකයන්ට) අඟවන නිසයි.... 

............මේ අමුලික ඇත්ත පච කථා, ගොතා පලකෙරුවේ මැරකාකා විසිනි..............  

පලි:- මැර කාකා ගේ ඇත්ත පච කෙටිකතා මාලාවේ හතර (අවසන් කථාව) ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් අදටත් මැලේසියාවේ සිට මෙහෙයවන මහා ඉන්ටනෙට් ජාවාරම මිළඟ පොස්ටුවෙන්................... 





Monday 9 February 2015

එන්ටර් ද ඩ්‍රගන් සිංහලෙන් එවන්නද නයා...............

පලවෙනි රුප රාමුව 


    ඔන්න පසුගිය අගෝස්තුවේ අන්තිම හරියේ දවසක රාළයා උදේ පාන්දර එකොළහයි පනස් පහට විතර වැඩට එනකොට,  ඔපිසිය ඉස්සරහම ඉන්නවා මහම මහා එකා!!!.....
   මම ඇතුලට එනකොටම මෙන්න මේකා අහපි 

"ඈ බොල රාළයෝ උබ දැන්ද වැඩට එන්නේ අයිතිකාරයා වෙච්චි මමත් උදේ නමයට මෙතන දැන් වෙලාව කියාද බොල වැඩට එන්න ??"  කියලා

   මේක අහල අසුහාරදාහට තද වෙච්ච මම ඇහැව්වා ඔයාට වගේද මට කොච්චර වැඩ තියෙනවද කොරන්න???  කියලා..... එකට එකසිය හැටඅට දාහට තද වෙච්ච බොසා කියපි හරි එහෙනම් උබකරන වැඩ ටික කොලයක ලියලා මට පෙන්නපන්කෝ බලන්න කියලා....   

දෙවැනි රුප රාමුව 


හරි හරි කියල පුටුවේ වාඩිවෙලා  මම දස අතේ කල්පනා කෙරුවා මොනවද යකඩෝ උදේ ඉඳන් හවස් වෙනකම් මම මේ ඔපීසියේ කොරන්නේ කියලා.... ඔහෙලට කියන්න මෙයාලා දවස් දෙකක් කල්පනා කොරලත් බැරි උනානේ ඔය කොලයට එක වැඩක් කියලා හරියට ලියා ගන්න. බලන් ගියාම මම වැඩක් කියලා දෙයක් කරලම නැනේ. (බ්ලොග් බලනවා ඇරෙන්න)

තුන්වන රුප රාමුව 

     ඔන්න දවස් දෙකකට පස්සේ බොසා මාව අල්ල ගත්තා, කර මුලින්ම කිව්වා මම දන්නවා බෝල තෝ මෙතන කොච්චර වැඩ කරත් ලියන්න තරම් වැඩක් උබෙන් වෙන්නේ නෑ කියලා......... මම ඉන්නවා දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා බලාගෙන 

ඊළඟට බොසා කියපි හරි කොමද පිලිවලට වැඩක් කරන්නේ කියලා බොට ඉගෙන ගන්න මම තෝව යවනවා පිට රටක ට්‍රේනින් එකකට මාස හතරකට, පහකට, ගිහිල්ලා ලැහැස්ති වෙලා වර .......

දේව කාරියට ඉහලින් රාජකාරියට සලකන අපි ඔන්න ලැහැස්ති වෙලා බලාන හිටියා ලොක්ක පිටරට යවනකම් ට්‍රේනින් එකට 


හතරවන රුප රාමුව (ඔන්න මෙතන ඉඳන් තමයි කතාව ඈ........)

 ඔන්න ලොක්කා ඊළඟට මාව ලෝකයේ තියෙන හොඳම ප්ලේන් එකකින් යැව්වා වැඩිදුර අද්ද්යාපනෙට ස්වාසිලන්තයට. හප්පා නාඩියා  ගිය රට වගේ නොම මේකය රට. මම ඒ රටේ ගතකොරපු කාලය මගේ ජිවිතයේ හොඳම කාලයයි....

    එත් ඒ මාගේ ජිවිතයේ හොඳම කාලය එසේ ගත කොරද්දී මට මාගේ බ්ලෝග ලියන්න අමතක විය. වෙලාවක් නැති විය. එය එතරම් සුවිසේෂි කාලයකි. එත් අද මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ අර හැලපයා  වගේ, මාගේ ඒ ගමනේ පුරාජෙරුව කියන්න නොමේය.  මා බ්ලෝග නොලිව නිසා අර අරූ අයියා වගේ  අප අවට සාමාජයේ සිදුව ඇති කනගාටුදායක සිදුවීම් දැකලාය.

 බලන්න මම බ්ලෝග නොලිව නිසා කෙන්ජා අයියාද බෝග දාන එක නැවත්තුවේය. ඒ පස්සෙන් ගිය ඕමා ද වැඩේ අත්හැරියේය ... හොඳට හිටිය මාතලන් දේශපාලන පිස්සෙක් උනේය. සියල්ල එපා වෙච්ච මදුරංග  කසාද බැන්දේය. 

 තව කියනවනම් මගේ බ්ලෝග නැති සංකාවෙන් සෑමා අර අහිංසක රෝස මලක් වගේ ඉන්න අටමට අයුතු යෝජනාවක් කරලාය. එක දැක්ක මු වැවට පැන්නේය. තවද වයස ගැන හිතන්නේ නැතිව රාජ් බෝතල් ඇනොව කසාද බැන්දේය. එකෙන් උනේ අනික් උන්ට ආතල් කොමෙන්ට් එකක්වත් බලන්න නැති වීමය.  ඒ විතරක්නම් බැරිය අර ත්‍රි බාසා ප්‍රසන්න  මෙන්න මේ අහිංසකයාට  ලිංගික අතවරයක් කරලය. අනේ එක බ්ලොගක් නැති පමණින් සමාජයේ වෙන අකටයුතුකම්..... 

   කියවන්න මගේ බ්ලොග නැතිනිසා  මු රස්සාවට පයින් ගසා ගෙදර එන්න පිටත් උනේය. එක දැන ගත්ත මේ යකා උගේ පැට්ටරියට එහෙන් කෑලි පනහක සාම්පල් පෙට්ටියක් අර ගෙන එන්න කිවේය. එක එන ගමන් ම දීගෙන එන්නේ නැතුව ගෙදර ගෙනාපු නිසා නෝනා එක දැකලා ඒ අහින්සකයව සම්පුර්නයෙන්ම සිර භාරයට අරන්, දැඩි දඬුවම් දිදී තාමත් ප්‍රශ්න කරනවලු කාටද මේවා ගෙනාවේ කියලා... 

  ඒ විතරක්නම් නොවේය මේ බ්ලෝග නොලියවෙන නිසා මේ අපේ මාමාගේ නෝනා මෙයාට ලාග්ග අඳින එකත් තහනම් කෝරලය. ඒ මදිවට මේ ලොකු අයියව වාරය රස්සාවෙන් එලියට දාලා  ළිං මැඩියෙකු කරලා තියෙන්නේ ලඟින් බිත්තියකුත් ගහලාය. ඒ වගේම මෙයත් ඩෙනිම ඉරාගෙන කියලා තමයි ආරංචිය. 

   ආ තව බිඳෙන් අමතක වෙනවාය මගේ බ්ලෝග නැති නිසා හොඳම දේ වෙලා තියෙන්නේ අපේ රුසියානුවාටය එනම් පොරට ලිංග විපර්යාසයක් වෙලා මේ වගේ ගැල්ලමයෙක් වෙලාලුය.. ඒ මදිවට මෙයත් ගෙට වෙලාලුය.

තව ගොඩක් අය මල දානයක් වත් නැතිව එක එක විදියට තේ හදා ගෙන පාළු සුසාන වල ඉන්න යක්කු වගේ ඉන්නවලුය  .  මගේ බ්ලෝග නැති නිසා කුරුල්ලන්ටත් සම්මාන හම්බවෙලා කියලා මෙන්න මෙයාත් අඬ අඬ ඉන්නවාය........... 

   මම බ්ලෝග නොලිව නිසා කොටින්ම කියනවනම් සෙනසුරාත් යන්න ගියා ගිය දෙසැම්බර් වල හිටපු තැනින්.... ඒ විතරක්යැ තව අවුරුදු දෙකක් තියෙද්දී රාජපක්ෂ රජකමත් අතැරියයි කිව්වම... තව මොනවද කථා ...

   මෙච්චර දේවල් වෙනවා බලාගෙන මට තව දුරටත් මේක නොලියා ඉන්න බෑ.... ඒ නිසා අපේ බොසාට කුද ගහගන්න කියලා මම ට්‍රේනින් එක පැත්තකට දාලා ඔන්න ආයෙත් බෝග දාන්න හිතුවා 

හෙට ඉඳන් හිරු  පැව්වත් නැතත්, මොන පාටක් දා ගෙන හරි මම බෝග ලියන එක ඕන් ඉතින් ඉන්සුරන්ස් එකටත් වැඩිය සුවර් තමයි....

මාස පහක් තිස්සේ අඬ අඬ ගේට්ටුව ලඟට වෙලා ඉන්න කුමාරිගෙන් කුමාර ඇහැව්වේ මොකද්ද කියලා ඒ කියන්නේ මගේ තුනේ දෙක උඹලාට තව නොබෝ දිනකින්ම බලාගත්තාකි ඕන්.....

එහෙනම් බොලාලා පහලින් ඔය පුළු පුළුවන් හැටියකට මඩ හොදාගෙන බලන් ඉඳපල්ලකෝ.....................!!!!!!!